“ගෝඨාභයගේ නමටත් බය වෙලා, බලයට ආපු දවසේ ඉදන් මඩ ගහනවා විතරයි” ඇමෙරිකානු පුවතට මහින්ද දුන් පිළිතුර!

ඇමෙරිකානු එක්සත් ජනපදයේ පුවත්පතක් වන නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පත ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන චීන සමූහාණ්ඩුව විවේචනය කරමින් පසුගිය දින ලිපියක් පළ කර තිබුනා. මෙම ලිපිය ශ්‍රී ලංකා දේශපාලනයේද මහත් ආන්දෝලනයට තුඩු දුන්නා.

කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධව අදහස් දැක්වු ආචා‍ර්ය නාලක ගොඩහේවා පැවසුවේ මෙම පුවත පළ කිරීමට නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පත තොරතුරු ලබා ගෙන තිබෙන්නේ රජයේ දේශපාලකයන්ගෙන් වීම නිසාම මෙය හාස්‍යයට ලක් විය යුතු පුවතක් බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් පළ කර තිබුනා. එහිදි හිටපු ජනපතිවරයා පවසන්නේ මැතිවරණය සඳහා චීන සමාගමකින් මුදල් ලබා ගත් බවට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ප්‍රවෘත්ති පළකර ඇත්තේ තම දේශපාලන එදිරිවාදීන් විසින් තමාට මඩ ගැසීමේ අරමුණෙන් බවය.

රජය බලයට පත්වූ දා පටන් රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීම පමණක්‌ සිදුකරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටේ ජනතාව මේ බව හොඳින් දන්නා බවද පවසනවා. රාජපක්‌ෂ පවුලට පමණක්‌ නොව ගෝඨාභයගේ නමට පවා රජය බියට පත්වී සිටින බවද මහින්ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *