“රට වටේ මංකොල්ලකෑවත් ගමට හොඳ එකා” පොලිස් වෙඩි පහ‍රින් මියගිය මාතර චාමරගේ අවමගුලේදි ගමේ මිනිස්සු කියූ කතාව!

මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක සිදුවූ මංකොල්ලයක් පසුගිය දිනවල රටෙහිම ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම මංකොල්ලයෙන් පාතාලයන්ගේ වෙඩි පහරින් පොලිස් නිළධාරියෙකු මිය ගිය අතර සිවිල් වැසියන්ද තුවාල ලැබුවා.

කෙසේ වෙතත් ඉන්පසුව මෙම මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මිය ගියා. ඒ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් පුද්ගලයෙක්.

පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දරගේ අවමඟුල් කටයුතු පසුගිය 28දා වේයන්ගොඩ මාලිගාතැන්න පොදු සුසාන භූමියේදී සිදුකළ අතර ඒ සඳහා විශාල පිරිසකගේ සහභාගිත්වයක් ලැබී තිබිණි. “රට වටේ මංකොල්ලකෑවත් ගමට හොඳ එකා” ලෙස ප්‍රදේශවාසීන් චාමරව හැඳින්වීම විශේෂත්වයකි.

චාමරගේ අවසන් කටයුතු සිදුවන විට ඔහුගේ බිරිය සහ සහෝදරයා ඝාතන කීපයකට චාමරට ආධාර අනුබල ලබා දී ඇතැයි යන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නිසා ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ පූර්ණ ආරක්ෂාව යටතේ අවමඟුලට සහභාගි විණි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *