“සන් ග්ලාස් හොරා ෆේස්බුක් එකෙන් අතටම හසු වේ” හතරලියැද්දෙන් ඇහෙන අපූරූ කතාවක්!

ව්‍යාපාරිකයෙකුගේ වටිනා අව් කණ්ණාඩියක් සොරා ගත් පුද්ගලයෙක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය හේතුවෙන් හසුවූ පුවතක් වාර්තා වේ. ඒ හතරලියද්ද ප්‍රදේශයෙන්. වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය.

අදාළ ව්‍යාපාරික තරුණයා සතුව තිබූ මෙම වටිනා අව් කණ්‌ණාඩිය පසුගිය දිනෙක ත්‍රීරෝද රථය තුළ තබා තිබියදී කිසියම් අයකු විසින් සොරකම් කර ඇත. මෙම අව් කණ්ණාඩිය රුපියල් පහලොස් දහසක් පමන වටිනාකමකින් යුක්තය.

කෙසේ වෙතත් කවුරුන් විසින් මෙය සොරකම් කළේ ද යන්න පවා සිතාගත නොහැකිව සිටියදී සිදුවීම සිදුවී දිනකට පමණ පසුව තමාගේ නැතිවූ අව් කණ්‌ණාඩියට සමාන අව් කණ්‌ණාඩියක්‌ පැළඳ, පාසල් වයසේ පසුවන ළමයකුගේ ඡායාරූපයක්‌ ඔහු ෆේස්බුක් වෙබ් අඩවියේ දැක තිබේ. ඉන්පසුව ඔහු එම පාසල් සිසුවා සමග ෆේස්බුක් වෙබ් අඩවියෙන්ම පණිවුඩ හුවමාරු කරමින් එම සිසුවා හමුවී මෙම අව් කණ්ණාඩිය පරීක්ෂා කර තිබේ.

එහිදී එය තමාගේ නැතිවූ අව් කණ්ණාඩිය බවට ව්‍යාපාරිකයා විසින් හඳුනාගෙන තිබේ. පාසල් සිසුවාද එය තමා සොරකම් කළ බවට වරද පිළිගෙන, අව් කණ්‌ණාඩිය හිමිකරු වන ව්‍යාපාරික තරුණයාට භාරදී ඇත. එහෙත් ඒ වනවිට එහි මුද්‍රිත වෙළෙඳ නාම කොටස සූරා දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *