හදිසි ගින්නකින් ත්‍රීරෝද රථය මුළුමනින්ම විනාශයි..

දෙහිවල – වාසල පාර අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක ඇති වූ හදිසි ගින්නකින් ත්‍රී රෝද රථය මුළුමනින්ම විනාශ වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

මෙම සිදුවීම අද (29) රාත්‍රී 7.30ට පමණ සිදු වී ඇති අතර රියදුරු ත්‍රී රෝද රථයෙන් පැන දිවි බේරාගෙන තිබේ. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිසිය විසින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *