“ඇමති රංජන්ටත් දුරකථනයෙන් අමතලා” මහින්ද විවේචනය කළ ලිපිය ලියූ මාරියා හබීබ් සියල්ල හෙළිකරයි!

ඇමෙරිකාවේ නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් ශ්‍රී ලංකා දේශපාලනයේ ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම ලිපිය ලියා තිබුනේ නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතේ දකුණු ආසියා නියෝජිත මාරියා අබී හබීබ් නම් මාධ්‍යවේදිනියක් විසින්.

මෙහිදි ඇය විසින් ශ්‍රී ලංකා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන චීන සමූහාණ්ඩුව දැඩි ලෙස විවේචනය කර තිබුනා. මේ අතර ට්විටර් පළවූ පණිවිඩයකින් කියවී තිබුනේ “මාරියා හබීබ් මෙම ලිපිය ලියා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කළ බී වාර්තාවක් පදනම් කර ගෙන යැයි අමාත්‍ය රංජන් රාමනායකට තහවුරු කර තිබෙන” බවයි.

කෙසේ වෙතත් මෙම පණිවිඩයට පිළිතුරු දෙන අදාල මාධ්‍යවේදිනිය පවසන්නේ තමන් රංජන් ‍රාමනායකට දුරකථනයෙන් අමතා පැවසූ කරුණු රංජන් රාමනායක අමාත්‍යවරයා විසින් විකෘති කර තිබෙන බවයි. මීට අමතරව මඩ දේශපාලනයට පැමිණීමට තමන්ට අදහසක් නැති බවද මාරියා පවසනවා.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විවේචනය කළ මෙම ලිපිය ලිවීමට පාදක කරගත් කරුණු තමන් විසින් හෙළිකිරීමට සුදානම් නැති බව මාරියා හබීබ් පැවසීම විශේෂත්වයකි.

ඇයගේ එම ට්විටර් පණිවිඩය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *