ඉන්දියාව පරදා අපේ කොල්ලන් ෆයිනල් යයි – ලෝකෙන්ම 200 වෙච්ච ශ්‍රී ලංකා පාපන්දුවේ අතීත වික්‍රමයන්!

මේ දිනවල ලොව පුරාම පාපන්දු උන්මාදය පැතිර යමින් තිබේ. ඒ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ උණුසුමද සමගයි. මෙවර පාපන්දු කුසලානයේ නම් දැරූ විශාල රටවල් අනපේක්ෂිත අයුරින් ඉවත්ව යද්දි කුඩා රටවල් ලොවම මවිත කරමින් සිටියි.

පාපන්දුව එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවුනද කලක් දකුණු ආසියානු පාපන්දුවේ අධිරාජ්‍යය දැරුවේ ශ්‍රී ලංකාවය. මාලදිවයිනට පවා පාපන්දු ක්‍රීඩාව ලබා දී පුහුණු කරවන්නේ ශ්‍රී ලංකාව විසිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් පාපන්දු ක්‍රීඩාව උගත් මාලදිවයින පවා වර්තමානයේ ශ්‍රී ලංකාව අභිබවා බොහෝ ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාවේ පාපන්දුව මෙලෙසින් අභාවයට යෑමට විවිධ හේතු සාධක පවතින අතර රසිකයන් අතර ක්‍රීඩාව ජනප්‍රිය නොවීම, අනුග්‍රහකයන් අවම වීම, තරග නැරඹීමට රසිකයන් නොපැමිණීම, දරුවන් ක්‍රීඩාවට යොමුවීම අවම වීම වැනි සාධකද ඒ අතර වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දුවේ ඉහළින්ම වැජබුනු යුගයක්ද විය. 2006 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේදීය. එහිදි ශ්‍රී ලංකාව විසින් රසිකයන් පිරුනු පිටියක ඉන්දියාව පරදා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා පාපන්දු රසිකයන්ට තවමත් මතක අවස්තාවකි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්, (දර්ශන අනුග්‍රහය අයි නාළිකාව)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *