එකට නවතින්න ආ කාමරයේදී තරුණියක් මිතුරියට කළ අපරාධය…

තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය 19 දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතික සංචාරක කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශය නැරඹීම සදහා පැමිණ ඇති අතර පසුව ඔවුන් සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටින අවස්ථාවේදී මෙම සොරකම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක හෝටලයේ එක් කාමරයක 25 හැවිරිදි වියේ පසුවන තරුණියන් තිදෙනෙකු ලැගුම්ගෙන ඇති අතර ඔවුන් අතරින් එක් තරුණියකගේ රුපියල් එක්ලක්ෂ හැට අට දහසක මුදලක් සහ චීන මුදල් 2520 ක් අතුරුදන්වී ඇති බව එක් තරුණියක් සංචාරක හෝටලයේ කළමනාකාරවරයාට පැමිණිලි කොට තිබෙනවා. ඒ අනුව සංචාරක හෝටලයේ කාමර ද පරික්ෂා කළ ද මුදල් පිළිබඳ තොරතුරක් නොලැබුණු බැවින් සංචාරක හෝටල් කළමනාකරු මේ පිළිබඳව සීගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සංචාරක හෝටලයට පැමිණ පරික්ෂන පවත්වා ඇත්තේ ඒ අනුවයි. ඒ අතරතුර චීනයේ සිට සංචාරය සඳහා පැමිණ සිටි කණ්ඩායම පිටත්ව යන්නට සූදානම් වෙමින් සිට ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා කියා ඇත්තේ පැමිණි සියලු දෙනාම පරීක්ෂාවට ලක් කළ යුතු බවයි.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් සංචාරකයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී එක් තරුණියක් එකවරම තමන්ට බඩේ ඇති බව පවසමින් හෝටලයේ වැසිකිලියට දිව ගොස් ඇති අතර ඒ පිළිබඳ සැක සිතූ පොලිසිය ඇය පිටුපස කාන්තා පොලිස් නිලධාරිනියක යවා තිබෙනවා. එහිදී හෙළිදරව් වී ඇත්තේ වැසිකිළියේ ඇති බඳුනකට ලේන්සුවක ඔතා මෙම මුදල් දමා තිබෙන ඇති බවයි.

ඒ අනුව සැකපිට චීන ජාතික තරුණිය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තම මිතුරිය ළඟ තිබූ විශාල මුදල් ප්‍රමාණය දැක තමන්ට ආශාවක් ඇතිවී එම මුදල් සොරා ගත් බවයි. කෙසේ වෙතත් මුදල් අතුරුදන් වූ චීන ජාතික තරුණියගෙන් ප්‍රකාශ සටහන් කොට සැකපිට අත්අඩංගුවට ගත් තරුණිය 20 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි සීගිරිය පොලිසිය පවසන්නේ.

සැකකාර චීන ජාතික තරුණිය සීගිරිය පොලිසියේ අත්අඩංගුවේ පසුවෙද්දී ඔවුන් සමග පැමිණි සෙසු චීන ජාතික සංචාරකයන් ඔවුන්ගේ සංචාරක කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *