එකම පවුලේ එකලොස් දෙනෙක් නිවසක් තුළ ගෙල වැලලාගෙන අවසන් ගමන් යයි…

එකම පවුලේ සාමාජිකයින් එකොළොස් දෙනෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති පුවතක් වාර්තාවේ.

ඒ ඉන්දියාවේ නව දිල්ලි නුවර නිවසකදීය.

ඔවුන් සියලු දෙනාගේ දෑස් ආවරණය කර තිබී ඇති අතර දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

මියගිය පිරිස් අතර යොවුන් වියේ පසුවන කිහිප දෙනෙකු සිටින බවත් සඳහන් වෙයි.ඒ අතර කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇත.ජීවතුන් අතර සිටි සුනඛයෙකු නිවස තුළ සිටියදී එරට පොලීසියට හමුව ඇත.

මෙය දින කිහිපයකට පෙර සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී තිබෙන අතර මෙම සියදිවි නසාගැනීමට ආගමික හේතුවක් මුල් වන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *