එක කිලෝ මීටරයකට එක ආරක්ෂක නිළධාරියෙක්…! අලි එලවන්න ෆොන්සේකා ගෙනා යෝජනාවට ජනපතිගෙන් අනුමැතිය..!

මෑත කාලයේදී අලි මිනිස් ගැටුම පිළිබඳව බොහෝ පුවත් අපට අසන්නට දකින්නට ලැබුනා. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද උණුසුම් කතාබහක් ඇතිවුනා. මේ අතර වනඅලි පලවා හැරීමට සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයින් යොදා ගන්නා බවට පසුගියදා වනජීවී අමාත්‍ය සරත ෆොන්සේකා කල කතාව සමාජයේ කතාබහට ලක්වුණු මාතෘකාවක් වුනා.

කෙසේ වෙතත් වනඅලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ නවගත්තේගම රඹකනයාගම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින්.

එහිදී අදහස් දැක්වූ වනජීවී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළා.

“ඉදිරි අවුරුදු එකහමාරක කාළය තුළ අලි මිනිස් ගැටුම විසඳන්න මම සැලසුම් කර තිබෙනවා . නමුත් මෙය තනිව මගේ අමාත්‍යාංශයට පමණක් විසඳන්න බැහැ. ඒ නිසා ජනාධිපතිතුමාගේ පූර්ණ සහයෝගයත් ලැබෙන්න ඕන. වනජීවී දෙපාර්තමේන්තුව හරි පොහොසත්. එකේ සල්ලි තිබෙනවා රුපියල් බිලියන පහක්. ඒ කියන්නේ ලක්‍ෂ පනස්දහසක්. මේ මුදල් යොදවලා මට ඉදිරියේදී විශාල වැඩකොටසක් කරන්න පුළුවන්.

දැන් ඉන්නෙ විදුලි වැටේ කිලෝමීටර් 33ට සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 10 දෙනායි. ඉදිරියේදී මම විදුලි අලි වැටේ එක් කිලෝ මීටරයකට එක් සිවිල් ආරක්‍ෂක නිලධාරියෙකු ගාණෙ දාන්න සූදානම් පහසුකම් දීලා. දැනට සිවිල් ආරක්‍ෂකයො 1,700ක්, ඉදිරියේදී තවත් 3,000ක් දෙන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *