“නිවුයෝර්ක් ටයිම්ස් පුවතට එරෙහිව මහින්ද නඩු මගට, ලියූ මාධ්‍යවේදිනියටත් නඩු” හිටපු ජනපති දැඩි තීරණයක් අරන්!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් ලිපියක් පල කළ නිවුයෝක් ටයිම්ස් පුවත්පතට හා එහි මාද්‍යවේදිනී මරියා අබි හබීබ්ට විරුද්දව නීති මගින් කටයුතු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබෙන බවට වාර්තා වේ.

අද දින (02) කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු ජනපතිවරයා මේ අදහස් දක්වා තිබේ. එහිදි හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ තමන් ඉලක්ක කරගෙන පල කර ඇති සාවද්‍ය මාධ්‍ය වාර්තාවට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ගවලට යොමු වන බවය. ඔහු තම හිතවතුන්ගේ ඉල්ලීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා බවද හිටපු ජනපතිවරයා කීවේය.

මේ අතර මෙම ලිපිය ලියූ මාධ්‍යවේදිනි මාරියා අබි හබීබ් පිළිබද ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩයක් හුවමාරු වෙමින් පවතිනවා.

එහිදි මාරියා අබි හබීබ් පිළිබදව හෙළිදරව්වක් සිදු කරන මාර්ක් ඩැනිෂ් නම් පුද්ගලයා ප්‍රකාශ කර තිබුනේ මෙම ලිපිය ලියූ මාරියා අබි හබීබ් වත්මන් රජයේ ඇමතිවරුන් දෙදෙනෙක් ගාලු මුවදොර හෝටලයේදි හමුවෙනු තමා දුටු බවයි.

මෙම චෝදනාවටට පිළිතුරු ලබා දෙන මාරියා අබි හබීබ් තමන් එලෙසින් රජයේ ඇමතිවරුන් හමුවූ බව පිලිගෙන තිබුනා. තමන් මෙම ලිපියට කරුණු සෙවීම සදහා එලෙසින් රජයේ ඇමතිවරුන් හමුවූ බවට මාරියා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *