“පෙම්වතියට වයස 15යි, පෙම්වතාට 25යි” සංචාරක හෝටලයට මහ රෑ පෙම්වතිය ගෙන ගොස් පෙම්සුව විඳි තරුණයා අමුතු වැඩක් කරළා!

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් ඇයගේ පියාගෙන් කප්පම් ඉල්ලූ තරුණයෙක් පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ මීගමුව ප්‍රදේශයෙන්.

සිදුවීම වාර්තා වන අන්දමට 15 හැවිරිදි මෙම දැරිය කෝටිපති ව්‍යාපාරික‍යෙකුගේ එකම දියණියයි. ඇය 25ස් හැවිරිදි ක්‍රීඩා උපදේශකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ.

විමර්ශන වලින් අනාවරණය වූ කරුණු අනුව පැහැර ගැනීමට ලක්‌වූ බාලවයස්‌කාර පෙම්වතිය මීගමුව මහවීදිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඇය දෙමාපියන්ට රහසේ සැකකරු සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇති අතර පසුගිය ජුනි 28දා පෙම්වතා සමග මුහුදු වෙරළට ගොස්‌ රෑ බෝවනතුරු පෙම් සුව විඳ ඇත. එහිදී පෙම්වතා තරුණිය උපක්‍රමශීලීව කැඳවා ගෙන ගොස්‌ සංචාරක හෝටලයක රඳවා ඇයට අතවර කර පසුව ඇය එහි සිරකර තබා ඇත.

ඉන් අනතුරුව සැකකාර පෙම්වතා පෙම්වතියගේ ජංගම දුරකථනයෙන් ඇගේ පියා අමතා දියණිය නිදහස්‌ කිරීමට නම් රුපියල් කෝටියක කප්පමක්‌ ඉල්ලා ඇත. එහෙත් එම තැත ව්‍යර්ථ වූ අවස්‌ථාවේ එම කප්පම් මුදල රුපියල් ලක්‌ෂ 10 දක්‌වා අඩුකර ඇත.

එහෙත් එම ඉල්ලීමටද පියාගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණු බැවින් සැකකරු සිය පෙම්වතිය කටාන බටපත්තල ප්‍රදේශයට කැඳවාගෙන විත් ඇය එහි අතරමං කර දමා පලාගොස්‌ ඇත. පසුව පෙම්වතිය එම මාර්ගයේ ගමන් ගත් ලොරියක ආධාරයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක හමුවට පැමිණ භාරවී ඇත.

පසුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිගේ ප්‍රශ්න කිරීමේදී එම තරුණිය ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවක සහ තවත් පස්‌ දෙනකු විසින් තමා පැහැර ගත් බවයි. විමර්ශනවලදී එම තොරතුරු අසත්‍ය බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වූයේ මීගමුව කාමච්චෝඩය හි පදිංචි ජිෆ්‍රී මොහොමඩ් අශ්රොෆ් නමැත්තෙකි. මෙම පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතාට පැහැර ගැනීමට ලක්‌වූ බව කියන බාලවයස්‌කාර පෙම්වතියගේද සහාය ලැබී ඇතැයි මූලික පොලිස්‌ විමර්ශනයේදී හෙළිදරව් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *