‘බලන් සිටියා ඇති දැන් කාලය එළඹිලා‘ – රටම බලා සිටි වැඩක් ගෝඨා මේ සතියේදි අරඹයි!

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනයට පැමිණීම වෙනුවෙන් ප‍්‍රායෝගික දේශපාලන වැඩසටහනක් සැකසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත්, මෙම සතියේදී ඔහු කාර්යාලයට පැමිණීමට නියමිත බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (2) පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඍජුව දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ තිබෙන බවද ඔහු එහිදී සඳහන් කළේය

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

‘ගෝඨාභය රාජපජෂ මහතාට දැන් දේශපාලනයට පැමිණීමට කාලය එළඹිලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු දැනටමත් යම් යම් ක‍්‍රියාවන් සිදුකරනවා. නමුත් ප‍්‍රායෝගික දේශපාලන වැඩ සටහනක් සකසන්න මෙම කාර්යාලයට පැමිණෙන ලෙසට අපි ඔහුට ආරාධනා කළා. එය ඔහුට ඉතාම වැදගත් දෙයක් වේවි. මෙම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ අය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ද සහභාගීවීමට නියමිතව තිබෙනවා. රාජපක්‍ෂ පවුල හා ඒකාබද්ධ විපක්‍ෂයේද කිසිම ප‍්‍රශ්නයක් නැතිබව එදාට දැකගන්න පුළුවන් වේවි ‘‘ යැයිද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *