ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න දැන් තවත් ලේසියි – නිතරම ලංකාවට එන්න ඉන්දියාවෙන් අලුත් වැඩක්!

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී නැව් සේවාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව වාර්තා වේ.

මේ අතර මෙම නැව් සේවාව කඩිනමින් ඇරඹීමට කරුණු සොයා බැලීම සදහා ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‌ෂක අංශ ප්‍රධානි කපිතාන් අශෝක්‌ රාඕ පසුගියදා තලෙයිමන්නාරමට පැමිණ තිබෙන බව සදහන්. තලෙයිමන්නාරම පැමිණි ඉන්දීය කපිතාන්වරයා තලෙයිමන්නාරමේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සමග මේ පිළිබදව සාකච්ඡා කොට තිබේ.

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්‌වා මගී නැව් සේවාව ආරම්භ කිරීමට ඉන්දීය රජය කටයුතු යොදමින් සිටින අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී මේ නැව් සේවාව ආරම්භ කිරීම කඩිනම් කිරීමට කටයුතු කළේය.

මෙම නැව් සේවාව ආරම්භ කිරීමෙන් පසු ඉතාම අඩු මුදලකට සහ පහසුවෙන් ඉන්දීය ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමටත්, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ සංචාරය කිරීමටත් හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *