ගල්කිස්සේ ATM යන්ත්‍රයක ලක්ෂ 37ක් අතුරුදහන්..! යන්ත්‍රයට හානියක් වෙලත් නෑ..! අමුතුම ගේමක්..

පුද්ගලික බැංකුවකට අයත් ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ATM යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වී ඇති බවට ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වනවා. අදාළ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මෙම ATM කුටිය පාලනය වන අතර එහි මුදල් තැන්පත් කිරීම වෙනත් පුද්ගලික සමාගමක් මගින් සිදු කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර අදාල පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් කුටියේ මුදල් ගණනය කිරීමේ දී රුපියල් ලක්ෂ 35 ක මුදල් ප්‍රමාණයක් අඩුවී ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

මෙලෙස මුදල් අස්ථානගත වුවද යන්ත්‍රයට කිසිදු අයුරකින් හෝ අලාභ හානියක් සිදු වී නොමැති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර අදාළ යන්ත්‍රයේ දොරගුලු විවෘත කිරීමේ සියලු තාක්ෂණ දැනුම තිබෙන්නේ පෞද්ගලික බැංකුව මගින් බලය පවරා තිබෙන සමාගමට පමණක් බව ද පොලිසිය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *