ගෝඨාභය ‘නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ’ වෙනසක් පෙන්වයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීනය විසින් මුදල් ලබාදුන් බව කියන ප‍්‍රවෘත්තිය ප‍්‍රතික්ෂේප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ එම පුවත්පතේ පළ කළ ප‍්‍රවෘත්තියට ආණ්ඩුවේ ද සම්බන්ධයක් ඇති බවයි.

එහිදී “ඒ මාධ්‍යවේදිනිය ලංකාවට ඇවිල්ලා..ආණ්ඩුව විසින් දෙන ලද තොරතුරු පමණයි ඒකේ දාලා තියෙන්නේ. ඉතින් ඒක පැහැදිළිවම ආණ්ඩුව නියෝජනය කරමින් ලියපු ලිපියක්…ආණ්ඩුවේ නොහැකියාව පෙන්වන්න..මොකද හම්බන්තොට වරාය ආර්ථික වශයෙන් අපිට දියුණු කරන්න තිබුණු වරායක්. ඒක ආණ්ඩුව මගහැරපු නිසා තමයි ඔය තත්ත්වය උදා වුණේ. එහෙම වුණාම අනිවාර්යයෙන්ම පාඩු ලබනවා. ඒක ණය උගුලක් නෙමෙයි.” යනුවෙනි.

පාතාල සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අදහස් පළ කළා.

“මේ හැම දෙයකින්ම පෙනෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව. ආණ්ඩුව වෙන වැඩක් කරන්නේ නෑ.. කරන්නේ එක එක්කෙනාට ජම්පර් අන්දන්න හදන එක. ආණ්ඩුව කතා කරන්නේ මොනවද?.. අරයව හිරේ දානවා..මෙයාව හිරේ දානවා..ඔය වගේ දේවල්නේ..ඉතින් කොහොමද වැඩක් කරන්නේ.” යනුවෙන්ද සඳහන් කළා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ කළුතර පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *