බැංකුවේ අනාරක්ෂිත භාවය ගැන පොලිසිය දෙපාරක්ම කියලා..! කිසිම පියවරක් ගෙන නැහැ..! තලාවේ මිලියන 95 ක බැංකු කොල්ලයට ඇතුලෙන්ම සහය ලැබුණාද…?

අනුරාධපුර, තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් විසින් පසුගිය ඉරිදා අළුයම් කාලයේදී රුපියල් මිලියන 95 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන පලාගොස් තිබුණා. යකඩ කපන උපකරණයක් ආධාරයෙන් බැංකුවේ පිටුපස දොරටුව කඩා මෙම පිරිස ඇතුළු වී ඇති අතර මංකොල්ලකරුවන් එහි තිබූ සේප්පු 3 ක් විවර කර ඇති බවද පොලීසිය සඳහන් කළා.

එසේම බැංකුවේ තිබූ අනතුරු ඇඟවීමේ පද්ධතිය කොල්ලකරුවන් විසින් විසන්දි කර ඇති අතර අරක්ෂක කැමරා පද්ධතියේ දත්ත අඩංගු සියලු උපාංගද ඔවුන් විසින් ගලවාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාල සොරකම සිදුවූ රාජ්‍ය බැංකුවේ අනාරක්ෂිත බව අවස්ථා දෙකකදීම පොලිසිය විසින් එහි කළමණාකරුට දැනුම් දී ඇති අතර කළමණාකාරීත්වය ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

එ් අනුව පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා අදාළ බැංකුවේ අනාරක්ෂිත භාවය ප්‍රථමයෙන්ම වාචිකව දන්වා ඇති අතර එම දැනුවත් කිරීම සිදුකළ බවට පොලීසියේ තොරතුරු සටහන් පොතේ ද ඇතුළත් කර තිබෙන බව සඳහන්. පසුව බැංකුව විසින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් පසුගිය 19 වනදාද ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එවන් තත්වයක් තුලදී සිදුවුන මෙම කොල්ලකෑම සඳහා බැංකුව තුළින්ම යම් සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව සැකයක් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *