”මැරෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන්, මම රොෂාන්ව මරාගෙන මැරෙනවා” – රිද්මා පිලපිටිය

රොෂාන් පිලපිටිය කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නළුවෙක්. පසුගිය දිනවල දී රොෂාන් ගැන වැඩි අවධායක් යොමු වුණා. ඒ ඔහු සුරූපි යුවතියක් සමග විවාහ වූ නිසා ය. ඇය බිරිඳ තමයි රිද්මා පිලපිටිය… රිද්මා සිය අලුත් තොරතුරු මාධ්‍යට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට….

මේ දවස්වල මොකද කරන්නේ..?
පොඩි වැඩ වගයකට සූදානම් වෙනවා.. ජිම් යනවා.. ඇවිදිනවා.. ට්‍රිප් යනවා.. ඕවා තමයි ඉතිං…

රිද්මා කවුරුහරි කෙනෙකුට බොරුවක් කියලා ඇති.. කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද..?
යාළුවන්ට නම් ඕන තරම් බොරු කියලා තියෙනවා.. හැබැයි ඉක්මනටම ඇත්ත කියනවා.. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ…

දුකක් දැනුනම මොකද කරන්නේ..?
එහෙම ලොකු දුකක් දැනුණු සිද්ධියක් නැහැ මගේ ජීවිතේ…

වැඩියෙන්ම සතුටු හිතුන දවස කවද් ද..?
වැඩියෙන්ම සතුටු වුණේ ඉතිං කසාද බැඳපු දවස තමයි….

රොෂාන් එක්ක තරහ වෙලාම නැද්ද..?
තාම නැහැ.. පොඩි පොඩි දේවල්වලටවත් තරහ වෙන්නේ නැහැ.. මට රොෂාන් අයියා එක්ක තරහ වෙන්න බැහැ…

බැරිවෙලාවත් රොෂාන් වෙනත් තරුණියක් සමග පෙම් සබඳතාවක් තියෙනවා කියලා අතටම අහු වුණොත් මොකද කරන්නේ..?
මෙහෙමයි මට සියක් කෝටි ගාණක් ෂුවර් එයා එහෙම වෙන්නේ නෑ කියලා. වැරදිලාවත් එයා එහෙම කරන්නේ නෑ… හැබැයි එහෙම වුණොත් මම ඒ වෙලාවට මොනවා කරයිද කියල නම් දන්නේ නෑ… මම රොෂාන්ව මරාගෙන මැරෙනවා.. මට එහෙම හිතෙයි.. මට එයා වෙනුවෙන් මැරෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන්.. එයාට සමාවක් දෙන්න බැරිවෙයි.. හැබැයි එයාගෙන් ඈත් වෙන්නත් බැරිවෙයි..

ආදරේ කරන්න ඕනේ හැඟීමෙන් ද බුද්ධියෙන් ද..?
ආදරේ අන්ධයි කියලා කියනවනේ.. ආදරේ දි බුද්ධියත් 30% ක් විතර තියෙන්න ඕනේ.. බුද්ධියෙන් විතරක් ආදරේ කරන්නත් බැහැනේ…

දේශපාලනය ගැන මොකද හිතන්නේ..?
මේ දවස්වල රටේ දේශපාලනය නම් වැඩක් නෑ.. කතා කරන්න ඕනෙත් නැහැ ඒ ගැනනම්…

කලා ලෝකයේ වැඩියෙන්ම කැමති නළුවා කවුද..?
ලංකාවේනම් විජය කුමාරතුංගයන්..

එතකොට රොෂාන්ට කැමති නැද්ද…?
මම එයාව නළුවෙක් විදිහට නෙවෙයි දැක්කේ… එයා හොඳයි.. මම එයාට කැමතියි කියලා කිව්වොත් මගේ හස්බන් නිසා එහෙම කියනවා කියලා හිතයිනේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *