ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ කතාව ඇත්තද..? විජයකලා කියන කතාව මෙන්න

රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් උතුරට නැවත එල්.ටී.ටී.ඊ පාලනයක් අවශ්‍ය බව පවසමින් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන්
පැවැත්වෙන විනය පරීක්ෂණය් සඳහා ඇමතිවරිය අද (04) කොළඹට කැඳවා ඇතැයි වාර්තාවේ.

එහිදී රාජ්‍ය ඇමතිනිය අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමටද නියමිත අතර හම හමුවීමෙන් පසුව යාපනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, ඇමතිවරිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ අද (04) පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බවත් වාර්තාවෙයි.

එම මාධ්‍ය වාර්තා පිලිබඳව අමාත්‍යවරිය ගෙන් අප කළ විමසීමකදී ද ඇය ප්‍රකාශ කර කියා සිටියේ ඇමැතිධුරයෙන් ඉවත් කිරීම ගැන මෙතෙක් කිසිදු දැනුම් දීමක් තමාට සිදුකර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *