ඔබ GYM එකට යන පුද්ගලයෙක් නම් මේ දේවල් 8 කරන්නෙපා…

මේ සමාජයේ ඉන්න ගොඩක් මිනිස්සු හරිම කාර්ය බහුලයි.ඒ නිසාම ඔවුන්ගෙ සෞඛ්‍යය ගැන හිතන්න කාලයක් වෙන්කරගන්න ඉතාමත් අපහසුයි.තියෙන වැඩ රාජකාරි එක්ක ඉතාමත් කුඩා කාලයක් පමණයි ඉතිරි වෙලා තියෙන්න වැඩකටයුතු කරගන්න.ඒ ලැබෙන පුංචි කාලය ප්‍රයෝජනයට අරන් ගොඩාක් අය Gym එකට ‍යන්නට පුරුදු වී ඉන්නවා.ඇත්තටම කිව්වොත් ඒ පුරුද්ද ඉතාමත් වටින පුරුද්දක්.ඒත් ප්‍රායෝගිකව ජිම් යන ගොඩක් අයට හරිම කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා.ඒ කටුක දේවල් නිසා සමහර වෙලාවට හිතෙනවා ගෙදරට වෙලා හිටියනම් හොඳයි කියලා.ඔබ ජිම් එකට යනවනම් යන්න ඉන්නව නම් කරුණාකරල මේ නීති 8 පිලිපදින්න ඉගෙනගන්න. මොකද ඔයා නිසා තව කෙනෙක් ජිම් එක තුල අසරණ වෙන්න ඕනෙ නෑ.හැමෝම ගොඩාක් කැපකිරීම් කරගෙන තමයි ජිම් එකට එන්නෙ.

1 Exercise machine එක දාඩියත් සමග තියන්න එපා

ව්‍යායාම කරද්දී දාඩිය දාන එක සාමාන්‍යයි. ඔයා අනිවාර්යෙන් gym එකට යද්දී දාඩිය පිහදාන්න තුවායක් අරගෙන යන්න. ඒවගේම exercise machine එකේ දාඩිය වැදී තියෙනවානම් ඒවා පිහදාන්න. හුඟක් exercise machines වලට දාල තියෙන්නේ leather ආවරණයක්. ඒවා මත ඉක්මනින් තෙතමනය රැඳෙනවා. ඔයා දාඩිය පිහදම්මේ නැත්තම් ඒවා යන්නේ නැ. ඔයා හිතන්න ඔයා කොච්චර ගාණක් වියදම් කරලා ගියත් ඔයා ඒ පාවිච්චි කරපු උපකරණය තව කෙනෙක් පාවිච්චි කරන්න ඕනෙ.ඒ නිසා පුංචි තුවායක් අරන් ගිහාම ඔයට කරදරේකුත් නෑ අනිත් අයට කරදරයකුත් නෑ.

2 තමන් Exercise machine එකක් පාවිච්චි කරන්න ඕනේ ව්‍යායාම කරන්න විතරයි

සමහර අය ඉන්නවා exercise machine එකක් පාවිච්චි කරන්නේ ව්‍යායාම කරන්න නෙවෙයි. එක උඩ වාඩිවෙලා ඉන්නත් පාවිච්චි කරනවා, තවත් අය message කරනවා, email බලනවා, selfie ගන්නවා අනික තව සමහර අය නින්දක් ලබාගන්නවා. එකෙන් තව කෙනෙක්ට ඔය machine එක පාවිච්චි කරන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. ඔයා gym එකකට එන්නේ ඔයාගේ ඇඟට හොඳ ව්‍යායාමයක් දෙන්න මිසක් relax කරන්න නෙවෙයි. ඒක අමතක කරන්න එපා.

“If you’re at the gym, you’re there to work out. Don’t forget that”
3 හැමෝටම ඇහෙන්න phone එකෙන් කතා කරනවා

සමහර අය ඉන්නවා phone එකෙන් රටටම ඇහෙන්න කතා කරනවා. මේක ගැහැණු පිරිමි දෙවර්ගයම කරන දෙයක්.පොදු තැනක එහෙම හැසිරෙන එක අනිත් අයටත් කරදරයක්. තවත් සමහර අය ඉන්නවා phone එකෙන් හුඟාක් සද්දෙට සින්දු අහන අය. එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. headphone ගෙන ඉන්න අයට පවා අර songs ඇහෙනවා.ඔයා සින්දුවක් ඇහුවට කිසිම අවුලක් නෑ.මොකද ව්‍යායාම කරන්න ඔයාට හොඳ Motivation එකක් ඕනෙ.ඒත් ඒක ඔයාට විතරක් ඇහෙන්න තිබ්බම ඇති නේද ?

4 exercise machine එකක් තියෙන්නේ කාටත් පාවිච්චි කරන්න

ගොඩක් අය පාවිච්චි කරන උපරකරණයක් තමයි Treadmill එක.ඒ වගේම ගොඩක් අය කරන වැරැද්දක් තමයි ඒක පැය ගනන් පාවිච්චි කරන එක.පොඩ්ඩක් නිහතමානි වෙන්න ඉගෙනගන්න.තව කෙනෙක් බලන් ඉන්නවනම් පොඩ්ඩක් ඒ කෙනාටත් ඒ දේට ඉඩ දෙන්න වගබලාගන්න

5 weights පාවිච්චි කලාට පස්සේ ඒවා පිළිවෙලකට අරන් තියන්නේ නැතුව ඉන්න එක

ඔයා පොඩි කාලෙ නම් ඔයා සෙල්ලම් කරන සෙල්ලම් බඩු හැම තැනම දාලා යනවා.කමක් නෑ ඒක .මොකද ඒක ඔයාගෙ ලමා කාලය.ඒත් ජිම් එකට යන කෙනෙක් නම් ඒක කරන එක වැරදියි ඔයා ගන්න උපකරණ හැම දෙයක්ම ගත්තු තැනින්ම තියන්න වගබලා ගන්න. ඔයාම හිතන්න ඔයාට බාර් එකක් උනත් පැය ගානක් තියෙන්නෙ හොයලා හොයලා එපා වෙලා ඇති නේද ?
කරුණාකරල ඒ පුරුද්ද හදාගන්න

6 අනිත් අයව කරදරයට පත් කරන එක

කෙනෙක් එකක් හුඟක් වෙලා Machines පාවිච්චි කරන එක වැරදි වැඩක්.මම ඒක කලින් ඔයාලට කිව්වා.ඒකෙම අනිත් පැත්තක් තියෙනවා.තව කෙනෙක් ව්‍යායාම කරනකොට එයාට පේන්න එයාගෙ ලඟින්ම ඉන්න එකත් සදාචාර සම්පන්න නෑ නේද.එතකොට ඒ ව්‍යායාම කරන කෙනාට පුදුම අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා.ඒකත් හරි නෑ නේද ? නිහතමානිකම කියන ගතිගුණට ඇති කරගත්තනම් හරිම ලේසියි මේ දේවල් ජීවත් වෙන්න .

7 වෙලාවට වැඩ කරන්න

ඔයා gym එකට යනවනම් වෙලාවට යන්න ඕනේ. පරක්කු වෙන්න එපා. කණ්ඩායම් වැඩක් හෝ තමන් තනියෙම කරන gym session එකක් උනත් වෙලාවට යන්න. තවත් කෙනෙකුට කරදරයක් වෙන විදියට වැඩ කරන්න එපා.මේ කතා කරන දෙයත් හරිම වැදගත් දෙයක්. ප්‍රායෝගිකව කෙල්ලන්ට කොල්ලන්ට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙනව නේද ? ඇත්තම කිව්වොත් වෙලාව 8 කිව්ව නම් 8ට එන්න උත්සහා කරන්න හැමවෙලේම. නැත්තම් අනිත් කෙනා හරිම අපහසුතාවයකටයි පත්වෙන්නෙ.මොකද ඒ කෙනාට ජිම් එකට යන්නත් බෑ ඔයා නිසා.නොයා ඉන්නත් බෑ.ඒ ගැනත් හිතන්න.

8 Wash room එක සංවරව පාවිච්චි කරන්න

තමාගේ පෞද්ගලික කාමරයක් විදියට Washroom එක පාවිච්චි කරන්න එපා. තවත් කෙනෙකුට භාවිතයට සුදුසු විදියට තමන්ගේ දේවල් කරන්න. අනිත් අයව අපහසුතාවයට පත් කරන්න එපා.අපි ටිකක් අවංක වෙමු. පිරිමි උනත් ගැහැණු උනත් සමහර අයට ලැජ්ජාවක් නැති තරම්.සමහර අය සම්පූරණ නිරුවතින් තමයි Washroom එක තුල හැසිරෙන්නෙ.ඒකත් සමහර අයට හරිම කරදරයක්.මම ආයිත් කියනවා.Washroom එක කියන්නෙ පුද්ගලික තැනක් නෙමෙයි.ඒ කරන පිස්සු වැඩ ඔක්කොම ඔයාගෙ ගෙදර washroom එක තුල කරන්න.

Respect others their privacy and their time
මම මේ කියපු දේවල් සමහරවිට ටිකක් සැරෙන් කියලා ඇති .ඒත් මේ කියපු දේවල් සිංහලින්ම කිව්වොත් අමුම අමු ඇත්ත.මේ දේවල් හෙට ඉඳලා කරන්න පුරුදු වෙන්න.මේ දේවල් කරන්න බැරිනම් ඇත්තටම ගෙදරට වෙලා ඉන්න.එතකොට තව කෙනෙක්ට පුදුම පහසුවක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *