පොලිස් කතකට හා සිවිල් ආරක්ෂක නිලධාරිනියකට පොලිසියේදීම ලිංගික අතවර කළ වාද්දූවේ පොලිස් ලොක්කා!

වහාම ක්‍රියාත්මක වන පරිදි වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙන බව වාර්තාවනවා.

වාද්දූව පොලීසියේ සේවයේ නියතු පොලිස් කොස්තාපල්වරියකට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවර සිදු කිරීමට තැත් කළේ යැයි කියන සිද්ධියකට අදාළව මෙසේ සේවය අත්හිටුවා ඇති බව වැඩිදුරටත් වර්තාවනවා.

එම ස්ථානාධිපතිවරයාගේ නිළ කාමරයේදී මෙම සිදුවීම වී ඇතැයි සඳහන්.

ඉකුත් 29 වැනි දින අදාළ නිලධාරිනියන් මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරිවරයාට කළ පැමිණිල්ලක් කොට ඇති අතර,ඔහුගේ මෙහෙයවීම යටතේ සිදුකළ විමර්ශනයකින් පසුව මෙම තීරණය ගෙන තිබේ

මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද වාර්තාවෙයි.

පොලිස් කතකට-සිවිල් ආරක්ෂක නිලධාරිනියකට පොලිසියේදීම ලිංගික අතවර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *