විජයකලා එළවලා දාන්න..විජයකලාගේ ප‍්‍රකාශය පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. සභාගැබේ උද්ඝෝෂණයක්..

දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය විසින් කළ ප්‍රකාශය පිළිබදව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් මරික්කාර් මහතා අධ්‍යාපන ඇමති, එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් එය රජයේ මතයද යන්න අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

එහිදී අකිල විරාජ් ඇමතිවරයා ප‍්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂය වශයෙන් එම ප‍්‍රකාශය හෙලා දකින බවත් විජයකලා ඇමතිවරියට දුරකථනයෙන් ඇමතූ විටදි කියා සිටියේ ඇතිවු හිතේ අමාරුවට එසේ ප‍්‍රකාශ කල බවයි..

ඇමතිවරයාගේ එම ප‍්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ යම් උණුසුම්කාරී තත්වයක් ඇතිවූ අතර සභගැබන් නැගිට සිටි විමල් වීරවංශ මන්ත‍්‍රිවරයා සහ හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා අවේගාත්මකව අදහස් දැක්වූ අතර එහිදී දයාසිරි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියේ විජයකලා ඇමතිවරයි පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතු බවයි..

එහිදී ඇතිවු තත්වය පාලනය කර ගත නොහැකිව කථානායක කරූ ජයසූරිය මහතා තාවකාලික පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *