අපට දයාසිරි සියවරක් එපා..- පොහොට්ටුවෙන් දයාසිරිට කුණු බැණුම්..

දයාසිරි ජයසේකර මහතාට පොහොට්ටුව එක වරක් එපා නම් පොදුජන පෙරමුණට සිය වතාවක් ඔහු එපා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

දයාසිරි ජයසේකර මහතා පොදුජන පෙරමුණට ගැනීමට තරම් මල්වට්ටියක් නොවන්නේ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දයාසිරි ජයසේකර මහතා එක් කර ගැනීමට තරම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ග්‍රාමීය ඡන්ද පදනමේ අහේනියක් වී නැති බවද ඔහු සදහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුණැගල දිස්ත්‍රික්කය ජයග‍්‍රහණය කරන ලද්දේ දයාසිරි ජයසේකර මහතා නැතිව බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *