උපත් පාලනය ගැන ඔබ නොහිතන ඔබ දැන ගත යුතුම දේ මෙන්න..

ඉස්සර කලේ නම් මේ දේ ගැන වැඩිය හිතුවේ නෑ, දැන් උනත් ඈත ගම්වල කියලත් වෙනසක් නෑ. මේක කියවන ඔයාගෙයි මගෙයි ආච්චිලා සීයලා නිකන් හිටියේ නෑ ඒ දවස්වල එක පවුලකට ළමයි දහ පහළොවක් හදලා තමයි හිටියේ. ඒ කාලේ ඉතින් පිරිමියා වෙළදාමේ එහෙම නැත්තන් ගොවිතැන් කරන්නන ගියාම කාන්තාව තනියම ගෙදර ඉද්දි ළමයි බලාගන්නවා ඇරෙන්න වෙන දේවල් කළා ගොඩක් අඩුයිනේ නේද?

ඒ කාලේ හිටපු අයනම් නම් උපත් පාලනය කියන කාරණාව ගැන දන්නෙවත් නැතුව ඇති. දැන ගත්තත් දැන්කාලේ සමහර උදවිය වගේ සමහරවිට ස්වභාවික ක්‍රම කරනවා වෙන්නත් පුළුවන්, හැබැයි ඉතින් පොඩ්ඩ වැරදුනොත් දන්නෙම ඇතුව දරු සුරතල් බලන්න තමයි වෙන්න.

ඒ මොනවා උනත් වර්තමානය වෙනකොට මේ තත්වෙ වෙනස් වෙලා. මිනිස්සුන්ට ප්‍රශ්නත් එක්ක අද ඉස්සෙල්ලම බලන්නේ කොහොම හරි එකෙක් හදාගෙන ජිවත් වෙන්න. ඒ නිසාම අද උපත් පාලනය සමාජයේ ජනප්‍රිය දෙයක් බවට පත්වෙලා. හැබැයි තවමත් සමහර කාන්තාවන් උපත් පාලනය ගැන හරි අවබෝධයක් ලබාගෙන නැහැ. මේවා ගැන දැනගන්න ඕන තරන් ක්‍රමවේද තියෙද්දිත් බහුතරයක් අය ඉන්නේ උපත් පාලන ක්‍රම ගැන වැරදි මතවල.

ඇත්තටම පවුලක් පන්සලක් වෙන අය වගේම අදකාලේනන් කෙල්ලෝ කොල්ලොත් උපත් පාලන ක්‍රම ගැන හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්. මොකද ඉස්කෝලෙන් කියලා ඕවා ගැන කියලා දෙන්නේ නැනේ.

ඒ නිසා උපත් පාලනය ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු වැදගත් කාරණා කිහිපයක් ගැන අපි අවධානය කරමු

1. උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන්න ඕනේ

සමහර කාන්තාවන් හිතන්නේ අවශ්‍ය වෙලාවට විතරයි උපත් පාලන පෙති භාවිතා කරන්න ඕනේ කියල. හැබැයි ඔබ තෝරාගන්න පෙති වර්ගය අනුව නියමිත වෙලාවට නියමිත දවස් වලට ඔබට මේ පෙති භාවිතා කරන්න වෙනවා. ඔබ එක දවසක් හරි මග හරිනවා කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රථිපලය උපත් පාලන පෙති වලින් ලබාගන්න බැරිවෙන එක. මේ නිසා තමයි 40% පමණ අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවෙන්නේ.

2. උපත් පාලන පෙති ලිංගිකව සම්ප්‍රේක්ෂණය වෙන රෝග වලින් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ

උපත් පාලන පෙති ගැන තියෙන තවත් වැරදි අදහසක් තමයි මේ. කිසිම අවස්ථාවක උපත් පාලන පෙති ලිංගිකව සම්ප්‍රේක්ෂණය වෙන රෝග වලින් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ.

3. Intrauterine devices උපත් පාලන පෙති වලට වඩා විශ්වාස බවින් වැඩියි

Intrauterine devices උපත් පාලන පෙති වලට වඩා විසි ගුණයක් ඵලදායි බවින් වැඩියි. මොකද උපත් පාලන පෙති භාවිතා කිරීමට අතපසු වීම වගේ වැරදි මේ ක්‍රමයේදී සිදුවෙන්නේ නැති නිසා.

4. උපත් පාලන පෙති නිසා කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වය වැඩි වෙන්නේ නැහැ

සමහර අය හිතන දෙයක් තමයි උපත් පාලන පෙති භාවිතා කරන විට කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා කියන එක. ඒ මගින් සිදුවෙන්නේ ඔබේ මාසික ඔසප් වීම ක්‍රමවත් කර ගැබ් ගැනීම් පාලනය කිරීම පමණයි.

5. උපත් පාලන පෙති භාවිතා කරපු ගමන් ක්‍රියාකාරී වන්නේ නැහැ

උපත් පාලන පෙති නිවැරදිව ක්‍රියාත්මක වීමට මාස දෙකක පමණ කාලයක් ගත වෙනවා. මේ නිසා අලුත උපත් පාලන පෙති භාවිතා කරන සහ අලුත් පෙති වර්ගයකට මාරු වෙන කාන්තාවන් සැලකිලිමත් විය යුතුයි.

6. උපත් පාලන පෙති නිසා කාන්තාවන් මහත් වෙන්නේ නැහැ

මීට කාලයකට කලින් තිබුණු උපත් පාලන පෙති වල අඩංගුවූ වැඩි හෝමෝන ප්‍රමාණය නිසා කාන්තාවන් මහත් වෙන්න උපත් පාලන පෙති බලපෑවා. නමුත් අද වෙළදපොළේ තිබෙන උපත් පාලන පෙති කිසිම වෙලාවක කාන්තාවන් මහත් වෙන්න බලපාන්නේ නැහැ.

7. ඔබ ලබාගන්න වෙනත් ඖෂධ නිසා උපත් පාලන පෙති වල ක්‍රියාකාරිත්වය අඩාල වෙන්න පුළුවන්

මේ නිසා ඔබ උපත් පාලන පෙති ලබාගන්න අතරතුර වෙනත් ඖෂධ වර්ග භාවිතා කරන්න සිදු උනොත් අනිවාර්යෙන්ම වෛද්‍යවරයාගෙන් ඒ ගැන උපදෙස් ලබාගන්න.

8. උපත් පාලන පෙති හැම එකකම වගේ අතුරු අබාධ තියෙනවා

මේ පෙති නිසා ඇතිවෙන අතුරු අබාධ පෙති වර්ග වලට අනුව වගේම කාන්තාවන්ට අනුව වෙනස් වෙනවා. සමහර කාන්තාවන්ට කිසිම අතුරු අබාධයක් දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම උනත් හිතු මනාපෙට තෝරාගන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමුවෙලා ගැලපෙන උපත් පාලන පෙති වර්ගය තෝරාගන්න එක තමයි හොඳ.

ඉතින් මේ ගැන වැඩි යමක් දැනගන්න ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරි හමුවී දැනුවත් වීම ඉතාම වැදගත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *