මහනුවර පිහිටුවෙන අලුත්ම ඒකකය..

පොලිස්පති පූජිත් ජයසුන්දර අද (04) මහනුවරදී ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන පසුව අස්ගිරි මල්වතු මහා විහාර වෙත ගොස් මහනා හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගත්තා.

එහිදී, රටේ අන්තර්ජාල අපරාධ වැඩි වෙමින් ඇති බවත් ඒවායේ ඇති බරපතලකම හේතුවෙන් අන්තර්ජාල අපරාධ මැඩලීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ඒකක පිහිටුවීමට පියවර ගත් බවත් සඳහන් කරමින් මල්වතු මහා විහාරයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් දැනුවත් කළා.

ඒ අනුව එහි පළමු පළාත් ඒකකය මෙලෙස මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් අද (04) පිහිටුවෙන අතර අන්තර්ජාල අපරාධ මැඩලීමේ අංශය නමින් මෙම නව ඒකකය පසුගියදා කොළඹ පොලිස් මූලස්ථානයෙන් ආරම්භ කළා. මේ අනුව ඉදිරියේදී පළාත් මට්ටමින් මෙම ඒකකය පිහිටුවෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *