මෙරට සියළු ජනතාව සතු මුදල් මෙන් පස් ගුණයක් මහින්දගේ ගිණුමේ..

මෙරට සියළු ජනතාව සතුව ඇති මුදල මෙන් පස් ගුණයක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ගිණුම්වල ඇති බව ආණ්ඩුවේ ප‍්‍රකාශයන්ගෙන් පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එනිසා සියළු අංශ එක්වී ජාතික ප‍්‍රමුඛතාවයකින් යුතු කාර්යයක් සේ සලකා මහින්ද රාජපක්‍ෂ මහතාගේ එම මුදල සොයගත යුතු යයිද මන්ත‍්‍රීවරයා කීය.

අද වන විට මෙරට සියළු ජනතාව සතු ව්‍යවහාර මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 598ක් යයිද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *