රටට උවමනා වියත්මගක් නොවෙයි මහින්ද චින්තනයයි.. මහින්ද යටකරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බෑ..- වාසු

කිසිවෙකු හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යට කරගෙන ඉදිරියට ඒමට උත්සාහ දරන්නේ නම් එයට ඉඩ දිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කිර මහතා පවසයි.

අද රටට අවශ්‍ව ඇත්තේ යාවත්කාලීන කරන ලද මහින්ද චින්තනය මිස වියත් මඟ නොවන්නේ යයිද ඔහු සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්ෂය කවරුන් අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කලද ඔහුට නායකත්වය ලබා දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් කී නානායක්කාර මහතා ඔහුගේ නායකත්වයට ආදේශ කළ හැකි කිසිවෙකු නැති බවද සදහන් කලේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *