විජයකලා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

ළමා කටයුතු රාජ්‍ය අමත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද දෙරණ කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව තහවුරු කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බවට පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුණි.

අදාළ ප්‍රකාශය පිළිබඳ කරුණු විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ(04) දිනයේ රාජ්‍ය අමාත්‍යවරිය අරලියගහ මන්දිරයට ඊයේ කැඳවා තිබුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුවයි ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමටටයි විජයකලා මහේෂ්වරන් මහත්මිය තීරණය කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *