වෙන අයට තර්ජනය කරන්නේ නැතුව කෙලින්ම අපිත් එක්ක කතාවට එන්න.නිව්යෝර්ක් ටයිම් නැවතත් මහින්දගේ රෙදි ගලවයි..

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේදී වියදම් සඳහා තමාට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පරිත්‍යාග කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයට නොයා මෙරට මාධ්‍ය ආයතන වලට එරෙහිව නඩු පැවරුමට මහින්ද රාජපක්ෂ සුදානම් බව ඊයේ ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චයිනා හාබර් සමාගම 2015 මැතිවරණ කටයුතු සඳහා තමාට කිසිදු මුදලක් නොදුන් බවය.

කෙසේ වෙතත් අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා තිබෙන්නේ “මහින්ද රාජපක්ෂ මහතාට The New York Times වාර්තාකරණය සම්බන්ධයෙන් යම් කිසි ගැටළුවක් වේ නම්, ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා වෙනුවට අපගේ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය සමග සම්බන්ධ වන්න…” යනුවෙනි.

ඒ පිළිබද පුවත අද දිනයේ BBC චැනලය ඔස්සේද විකාශය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *