ලෝකය දිනන්න පෙර පාසල් ගිය පුංචි චෙනිත මෙත්විරු පුංචි පෙට්ටියකින් ගෙදර එද්දී මුළු ගමම හඬා වැටෙයි

ගියේ මාමා සමඟ යතුරුපැදියෙන්..

කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ කච්චේරිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් සිව් හැවිරිදි පිරිමි දරුවෙක් මියගියා. එසේ මියගියේ කුලියාපිටිය, වල්ලම ප්‍රදේශයේ පදිංචි H.M මෙත්විරු ගුණවර්ධන නැමති කුඩා දරුවෙක්.

ඊයේ (04) උදෑසන 8.30 මාදම්පේ ප්‍රදේශයේ සිට කුලියාපිටිය දෙසට යතුරුපැදියකින් සිය මාමා සමඟ පෙරපාසල් ගමන් කරමින් සිටියදී අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට හැරවූ ලොරි රථයක යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණා.

මව්පියන්ගේ සහ ගම්වැසියන්ගේ සෝ සසුම් මැද දරුවාගේ දේහය ඊයේ නිවසට ගෙන එනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *