විජයකලාගේ ප්‍රකාශය කිසිම අයුරකින් සාධාරණීකරණය කරන්න බෑ.. -එස්.එම් මරික්කාර්

විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදුකළ ප්‍රකාශය කවර ආකාරයකින් බැලුවද කිසිම අයුරකින් එය සාධාරණීකරණය කිරීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පක්ෂ මට්ටමින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමියට එරෙහිව විනය පරීක්ෂණයක්ද පැවැත්විය යුතු බව ඒ මහතා පැවසීය.

කතානායකවරයා නීතිපති උපදෙස් ලබාගනිමින් විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *