සභාපතිගෙන් අල්ලස් ගත් සභාපති අල්ලන්න වරෙන්තු…

වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ මහාධිකරණය අද (05) වරෙන්තු නිකුත් කළා. ඒ, අල්ලස් චෝදනා නගමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුට පවරා ඇති නඩුවක් සදහා අධිකරණය හමුවේ ඔහු පෙනී නොසිටීම හේතුවෙන්. මෙම නඩුව අගෝස්තු මස 8 වනදා නැවත කැදවීමටද මෙහිදී නියෝග කෙරුණා.

සිය ප‍්‍රාදේශිය සභා බලප‍්‍රදේශය තුළ පස් ප‍්‍රවාහනය කිරීමට අවසර ලබාදීම සදහා එවකට බෙන්තොට ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්‍ෂ 15 ක් අල්ලස් ඉල්ලා එයින් රුපියල් ලක්‍ෂ 10 ක් ලබාගැනීමයි සැකකරුට එරෙහි චෝදනාව වන්නේ. ඉකුත් 2013 වසරේදී මෙම වරද ඔහු විසින් සිදුකර ඇතැයිද චෝදනාවල දැක්වෙනවා.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට ජය ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *