එස්බි ගේ ආරාධනාව 16 කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි..

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක කැඳවූ රැස්වීමක් සඳහා සහභාගී වීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඊයේ (07) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

විදෙස් ගතව සිටි එස් බී දිසානායක මන්ති‍්‍රවරයා පැමිණීමෙන් පසු මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබුණා. කෙසේවෙතත් මෙම සාකච්ඡාවට 16යේ කණ්ඩායමේ කිසිඳු මන්ති‍්‍රවරයෙකු සහභාගී වී නැහැ. එම මන්තී‍්‍රවරු පවසා ඇත්තේ රාජකාරි බහුල වීම හේතුවෙන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නොහැකි බවයි.

16යේ කණ්ඩායමේ ඇතැම් මන්ති‍්‍රවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නායකයා ලෙස පිළිගන්නා බවත්, ඔහුගේ තීන්දු අනුව පමණක් කටයුතු කරන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *