හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවක් කඳාන පොලීසියෙන් පැන යයි..

හෙරොයින් සහ ගංජා සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවක් කඳාන පොලිස් භාරයේ සිටියදී පැන ගොස් තිබෙනවා.

පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාවට ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක් ද යොදවා සිටියදී මෙලෙස ඇය පැන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී ගංජා, හෙරොයින් සහ මත්පෙති පොලීසිය සොයාගෙන තිබුණා.

කඳාන – සෙබස්තියන් මාවතේ පදිංචි 38 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

එමෙන්ම පොලිස් භාරයේ සිටියදී සැකකාරිය පැන යාම සම්බන්ධයෙන් කැළණිය කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *