තිසා වැවෙන් හමුවූ කාන්තා මළ සිරුර..

අනුරාධපුර – තිසා වැවේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (07) සවස අනුරාධපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

අනුරාධපුර පොලිසිය සඳහන් කළේ මෘත ශරීරය අසලින් හමුවූ මුදල් පසුම්බියක තිබූ දුරකථන අංක දෙකකට ඇමතීමෙන් මෙලෙස අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කරගත් බවයි.

මියගොස් ඇති කාන්තාව මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි තැනැත්තියක් බවයි පොලිසිය පසුව අනාවරණය කරගෙන ඇත්තේ

අදාල කාන්තාව මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) දින සිදුකිරීමට නියමිත තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *