හෂිනි කියන්නේ නිකන්ම නිකන් බිරිඳක් නෙමෙයි – ඇය අපූරු සහකාරියක්, අලුත් වැඩක් කරන්න යන වික්ටර් කියන කතාව…

සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක පසුගිය කාලයේ ටිකක් නිහඬව සිටි බවක් පෙනෙන්නට තිබුණා. කොහොම වුනත් ඒ නිහැඬියාවෙන් පස්සෙ වික්ටර් රත්නායක ආයෙමත් අලුත් වැඩක් කරන්න යන්න සූදානම් වෙනවා කියලා ඔහු කියනවා. ඒ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ‘‘ස‘‘ ප්‍රසංග මාලාවට සමුදීලා අලුතින් “සරස”නමින් ප්‍රසංගයක් ආරම්භ කරමින්.

ඒ අනුව වික්ටර් රත්නායකයන්ගේ “සරස” මංගල ප්‍රසංගය ලබන අගෝස්තු 11 වැනිදා සවස 6.30ට මහනුවර, ‍පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ වගේම මේ වික්ටර් රත්නායකයන් මේ ප්‍රසංගය ගැන සඳහන් කරද්දි තමන්ට බිරිඳගෙන් ලැබෙන සහය ගැනත් ප්‍රකාශ කලා. එහිදී ඔහු සඳහන් කරේ තමන්ගේ සංගීත ජීවිතය වගේම ජීවන ගීතය ගයන්නත් ඇය අපූරු සහකාරියක් වුනා කියලා.

මේ දේවල් වගේම වික්ටර් රත්නායකයන්ගෙ අලුත්ම ප්‍රසංගය ගැනත් ඔහු කිවුවෙ මේ විදියට.

මම නිහඬව සිටියේ නැහැ. 2012 ඉඳලා 2018 දක්වාම ඒක පුද්ගල සංගීත ප්‍රසංග නොකලාට සංගීත ලෝකයේ සැරි සැරුවා. පසුගිය කාලයේ ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රසංග මාලාවකටත් සහභාගී වුනා. ඒත් එක්කම විශාරද සුනිල් එදිරිසිංහ , ටී.එම්. ජයරත්න සමඟ ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රසංග වලට සහභාගී වුනා. නව පටිගත කිරීම්නම් කරන්න බැරිවුනා. හරිම කාර්යබහුලව තමයි පහුගිය කාලය ගෙවුනෙ.

පසුගිය වසරක කාලයක් ඇතුලත අලුත් ගීත 40 ක් පමණ නිර්මාණය කළා. එයින් මගේ සඳ ඇවිත් ගීතය ගොඩක් ජනප්‍රිය වුනා. හෂිනි කියන්නෙ නිකම්ම නිකං බිරිඳක් නෙමෙයි. ඇය සංගීතය හැදෑරූ කෙනෙක්. මගේ සංගීත ජීවිතය වගේම ජීවන ජීවන ගීතය ගැයීමටත් ඇය අපූරු සහකාරියක්.

මම ‘‘ස‘‘ ප්‍රසංග 1500 ක් පමණ කරා. ඉන් අඩක්වත් වෙන කිසිවෙකුත් කර නැහැ. ටිකක් විවේකීව ඉන්න ඕන නිසයි නිහඬව සිටියෙ. මම අකර්මණ්‍ය වෙලා නැහැ. තව දුරටත් ඉදිරියට යනවා.

ආචාර්ය වික්ටර් රත්නායක ගේ “සරස” මංගල ප්‍රසංගය ලබන අගෝස්තු 11 වැනිදා සවස 6.30ට මහනුවර, ‍පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

“සරස” සැරසීමට සංගීතයෙන් සුසිල් අමරසිංහ මහතා දායක වන අතර ප්‍රවීන සන්නිවේදක වසන්ත රෝහණ මහතා හඬ දායකත්වය ලබා දෙනවා. වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පර්ෂදයේ ප්‍රවීණ කලාකරුවන්ගේ සංවිධාන කරන මෙම ප්‍රසංගය “ස” ප්‍රසංගයට පෙම් බැඳි ප්‍රේකෂකයන්ට අලුත් ම අත්දැකීමක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *