පෝරකයට යවන්න නම්කර ඇති 18 දෙනාගේ තොරතුරු මෙන්න – කාන්තාවකගේ නම මුලින්ම…

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යංශයට යොමු කර ඇති නාම ලේඛනය නෙත් නිවුස් වෙත අනාවරණ වුණා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ 18 දෙනෙකුගේ නම් ඊට ඇතුළත්.

මෙම නාම ලේඛනයේ ඉහළින්ම සිටින්නේ කාන්තාවක් බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ ඉකුත්දා කියා සිටියා.

නෙත් නිවුස් වෙත අනාවරණ වූ තොරතුරුවලට අනුව ඇය ශ්‍යාමලී පෙරේරා නමැත්තියක්. 2011 වසරේ මාර්තු මස පළමු වනදා ඇයට මරණ දඬුවම නියම වී තිබෙනවා.

මෙම නාම ලේඛනයේ නම් සඳහන් දෙදෙනෙකු මෙම වසරේදී මරණ දඬුවම නියම වූ අයයි. ඔවුන්ගෙන් එක් අයෙකු එම් ඒ සුමනසිරි නමැත්තෙක්. අනෙක් තැනැත්තා එස් මොහොමද් නමැත්තෙකු වන අතර ඔහු පකිස්තාන ජාතිකයෙක්. තවත් පකිස්තානුවන් තුන් දෙනෙකුගේ නම් ද මෙම නාම ලේඛනයට ඇතුළත්ව තිබෙනවා. ඒ, ජී ඒ බූට්, එම් කුමාර් සහ එස් නසාර් යන අයයි.

2002 වසරේදී මරණ දඬුවම නියම වී මේ වනවිට වසර 15ක් බන්ධනාගාරගතව සිටින එස් කේ ජයතිලක සහ 2003 වසරේදී මරණ දඬුවම නියම වී ඇති ශ‍්‍රී ධර්මාකරන් ද මෙම නාම ලේඛනයට ඇතුළත්.

2007 වසරේදී මරණ දඬුවම නියම වූ වේලායුදන් මුරලිදරන්, එම් එස් එම් මිස්තාර්, බී ජී බෝල්සිං සහ 2009 වසරේදී මරණ දඬුවම නියම වූ ශිවනේෂන් රාජා යන අයද මෙම නාම ලේඛනයට ඇතුළත්ව සිටිනවා.

2012 දී මරණ දඬුවම නියම වූ එස් පුණ්‍යමූර්ති, කේ එම් චමින්ද සහ එස් ගනේෂන් ඊට ඇතුළත්.

2013දී මරණ දඬුවම නියම වූ ඩබ්ලිව් විනායගමූර්ති, එස් ඒ සුරේෂ් කුමාර් සහ 2015 දී මරණ දඬුවම නියම වූ රංග සම්පත් ෆොන්සේකා මෙම නාම ලේඛනයේ නම් සඳහන් අනෙක් අය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *