මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු, බලු පැටියාට ඇවිදින්න සිරකරුවෙකුගෙන් අපූරු උපකරණයක්….

දරුවන් මෙලොවට බිහිකර මහ මඟ දමායන දෙමාපියන් සිටින රටක, බරපතල තුවාල ලැබූ කුඩා බලු පැටවෙකු මහමඟ වේදනා විඳිමින් සිටියදී ගෙන ගොස් එම සත්වයා සුවපත් කර අප්‍රාණික වූ පසුපස පාද සඳහා රෝද සහිත ආධාරකයක් තනා දී ඔහු රැක ගන්නා සත්ව කරුණාව ඇති මිනිසුන් පිරිසක් පිළිබඳව වාර්තා වනවා. රිය අනතුරකට ලක්ව පාද දෙක බිඳී ශරීරයට සිදුවූ බරපතල තුවාල වල පණුවන් දමා දුඟද හමමින් සිටියදී මෙම පලුපැටියාට ජීවත් කිරීමට මෙලෙස උත්සාහ දරමින් සිටින්නේ ගාල්ල බූස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී පුලින කරුණාරත්න,එම්.ටී.ආර්.ටී ජයරත්න සහ ප්‍රධාන ජේලර්වරුන් සහ රැඳවියන් පිරිසක්.

බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්‍ෂිත තැනක බිත්තියක් අසළ ආවරණයට ගෙන බෙහෙත් දී සත්කාර කරමින් තුවාල පිරිසුදු කර නහවා දිනපතා ඔහුගේ දුක සැප සොයන්නට දෛනික රාජකාරිවල නිරත බන්ධනාගාර රැඳවියන් කටයුතු කර තිබෙනවා. මේ වනවිට එම බලුපැටියා යහපත් සෞඛ්‍ය මට්ටමින් රෝද පුටුවක් ආධාරයෙන් එහා මෙහා ඇවිද යන බවයි සඳහන් වන්න

.බන්ධනාගාර රැඳවියන් අතර සිටින විවිධ අදහස් සහ දක්ෂතා ඇති පිරිස් අතුරින් එක් අයෙකු මෙම බලුපැටියාට රෝද පුටුව නිර්මාණය කර ඇති අතර ඔහු පාසල් කාලයේ දී අන්තර්ජාලය ඔස්සේ දුටු දර්ශනයක් ඇසුරින් මෙය නිර්මාණය කර තිබෙන බවයි සඳහන් වන්නේ. වෙල්ඩින් කිරීමට උපයෝගී කර ගන්නා කූරුවල කුඩා කම්බි උපයෝගි කරගෙන මෙය නිර්මාණය කර ඇති අතර මෙම රෝද කරත්තය ගමන් කරද්දී කුටු කුටු ගාමින් ශබ්දය ඇසෙන නිසා මෙම බලු පැටියාටද නිසා ටුටූ ටුටූ යනුවෙන් නම තබා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම උතුම් ක්‍රියාව සම්බන්ධයෙන් එම්.ටී.ආර්.ටී ජයරත්න මහතා මෙලෙස අදහස් දැක්වූවා.

පසුගිය නියඟය නිමාකර වැසි ආරම්භ වීමත් සමඟ බන්ධනාගාර පරිශ්‍රයේ කානුවක් යට බලු පැටවු 06 දෙනකු බිහි කර ඇති බැල්ලියක් අධික වර්ෂාව සමඟ ගලා ආ වතුර පහරකට හසු වී ගසාගෙන ගොස් තිබුණා. රැඳවියන්ගෙන් ලැබුණු තොරතුරු මත එම කුඩා බලු පැටවු බේරාගෙන බන්ධනගාරයේ පිටත ආරක්‍ෂිත ස්ථානයක තබාගෙන සුදුසු බෙහෙත් වර්ග, ආහාර ලබා දී පිරිමි සතුන් 03, ගැහැනු සතුන් 03ක් වූ පැටවුන් ඇති දැඩි කර ඔවුන්ගේ ජීවිත බේරාගෙන සිටියදී එම කුඩා පැටවුන්ගේ ලස්සන හා පෝෂණ තත්ත්වයන් දැක එහි නිලධාරීන් හා අවට පිරිස් මෙම සතුන් තම නිවෙස්වලට ගෙන ගොස් අදටත් ඇති දැඩි කර ගන්න සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *