සිඟිති දරුවාට මත්පැන් පෙවීමේ සිද්ධියේ පියා ඇතුලූ හතරදෙනා රක්ෂිත බන්ධනාගාරයට..

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් පියා ඇතුලූ හතරදෙනා ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී වීඩියෝ දර්ශනයේ ඇතුළත් ජංගම දුරකථනය සහ දරුවාට මත්පැන් පෙවූ බෝතලයද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *