බැසිල් තවත් පෙරමුණක් හදයි..

දිවයින පුරා විසිරී ජීවත් වන මුස්ලිම් ජනතාව ගොනු කරමින් ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබද මූලික සාකච්ඡුාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ල නෙඵම් මාවත කාර්යාලයේදී පැවැත්වින.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්වීමට දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් ප‍්‍රාදේශීය මුස්ලිම් නායකයින් 500 කට අධික පිරිසක් සහභාගී වුහ.

ඉදිරියේදී ගොඩනැගෙන මෙකී නව මුස්ලිම් පෙරමුණ ”ශ‍්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ” ලෙස නම් කර ඇත. ශ‍්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ බිම් මට්ටමේ සිට ගොඩනැගීම සදහා දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි ජාතික මෙහෙයුම් කමිටුව බ‍්‍රහස්පතින්දා පැවැති මූලික රැස්වීමේදී ස්ථාපිත කෙරිණ. සතියක් ඇතුලත සෑම දිස්ත‍්‍රික්කයක් තුළම දිස්ත‍්‍රික් මෙහෙයුම් කමිටු ස්ථාපිත කෙරේ. එම දිස්ත‍්‍රික් මෙහෙයුම් කමිටු ස්ථාපිත කිරීමෙන් පසු මසක් ඇතුලත මුස්ලිම් ජනතාව ජීවත් වන දිවයිනේ සියලූ ග‍්‍රාමසේවා වසම් තුළ ශ‍්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණෙහි මෙහෙයුම් ශාඛා පිහිටුවීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ බිහි කිරීම පිළිබද මූලික සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ස`දහන් කලේය.

”රට වටේම ඉන්න මුස්ලිම් ජනතාව නිරන්තරයෙන්ම අපට කිවුවේ අපේ සහෝදරත්වය භාර ගන්න කියලා. අපි මේ සූදානම් වෙන්නෙ මුස්ලිම් ජනතාවගෙ අන්න ඒ සහෝදරත්වය භාර ගන්න. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේත්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රී කණ්ඩායමේත් උපරිම සහයෝගයෙන් මේ රටේ දැවැන්තම මුස්ලිම් පෙරමුණ විදහට ශ‍්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ අපි ගොඩනගනවා. 1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගන්න වෙලාවෙ බදියුදින් මහමුද් මැතිතුමාල, එස්.එම්. මරික්කාර් මැතිතුමාල එකතුවෙලා ගොඩනගපු ජාතික බලවේගයටත් එහා ගිය බලවේගයක් අපි ගොඩනගනවා. මේ රටේ මුස්ලිම් ජනතාවට තමන්ගේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන් රැකගෙන තමන්ගේ ජීවනෝපායන් කරගෙන සතුටින් නිදහසේ ජීවත් වෙන්න පු`ඵවන් රටක් ගොඩනැගීමේ වගකීම අපි භාර ගන්නවා. අපි මේ ගොඩනගන්නෙ කිසිදු බලවේගයකට කඩන්න බැරි, බි`දින්න බැරි ශක්තිමත් සහෝදරත්වයක්. ”

– සංජීව එදිරිමාන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *