‘පරීක්ෂණ නෑ’..කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගැන පොලිසියේ ප‍්‍රකාශය මෙන්න..

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එයට සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි. කොල්ලුපිටිය පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ ධනුෂ්ක සම්බන්ධයේන කිසිම පරීක්ෂණයක් පොලීසිය විසින් සිදුනොකරන බවයි. ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව ජත්‍යන්තර තරග තහනම් ක්‍රියාත්මක කරන බව මීට පෙර දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය නම් ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් පැවැත්විය හැකි බවද ස්ථානාධිපතිවරයා පවසා තිබේ. ගුණතිලක හා ඔහුගේ මිතුරෙක් කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ හෝටලයක් තුළට රැගෙන ගිය බවට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් ධනුෂ්කගේ මිතුරා නෝර්විජියානු කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන ඇත.

ධනුෂ්කගේ මිතුරා එංගලන්තයේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිය පියා මුණ ගැසීම වෙනුවෙන් බවත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *