20 සංශෝධනය ගෙනාවේ රනිල්ගේ උවමනාවටයි.. අපි විරුද්ධයි..- මෛත‍්‍රී කියයි…

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කර සිටි.

ඒ බව ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් පක්ෂ මුලස්ථානයේදී පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහි ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් මේ පිලිබඳ අදහස් දැක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ.

“අද වෙනකොට ඉතාමත් පැහැදිලියි ඇයි මේ 20 වෙනි සංශෝදනයක් කාගේ උවමනාවටද ගෙනාවේ කියලා.මේක ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවටයි.ඒ මොකද මේ යන තත්වය අනුව ජනාධිපතිවරණයක් ඉදිරියේදී දිනන්න බැරි නිසයි.මේ සංශෝධනය ගෙන්න ජනතා විමුක්ති පෙරමුණත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්තරාත්තුව ඉතාම හොඳට ඉෂ්ඨ කරනවා.මේ සංශෝධනයෙන් කරන්න හදන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී 225 දෙනා විසින් ජනාධිපති කවුද කියල තීරණය කරන එකයි.ඒ කියන්නේ අලුත් ඇලෝසියස් කෙනෙක් මාර්ගයෙන් මන්ත්‍රිවරුන්ට පගාව දීලා ජනාධිපතිවරණය දිනවන එකයි මෙයාලා මේ කරන්න හදන්නේ.අපි මේ 20 වෙනි සංශෝධනය ගේනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි.රටේ ජනතාවගේ ඡන්දෙනුයි ජනාධිපති කෙනෙකු පත් කරන්න ඕනේ.ඒ කියන්නේ උතුරේ දකුණේ නැගෙනහිරේ බස්නාහිරේ රටේ හැමතැනම ජනතාව එකතු වෙලයි මේ රටේ ජනාධිපති පත්කළ යුත්තේ.මොකද මේ රට ජාති,ආගම් රාශියක් නියෝජනය කරන රටක්.පාර්ලිමේන්තුවට විතරක් මෙවැනි දෙයක් තීරණය කරන්න බැහැ.එහෙම කලොත් ඔහු ඒ ජනතාවගේ ජනාධිපතිවරයෙක් වෙන්න බැහැ”

“UNP එකට කෙලින්ම කරන්න බැරි දේ තමයි JVP ඒක ලව්වා මේ කරවන්න හදන්නේ.දැන් TNA එකේ සුමන්තිරන් මහත්තයත් ඒ කොන්තරාත්තුව කරනව.මේවට අපි කිසිසේත්ම ඉඩ තියන්නෑ.මේකට විරුද්ධව මේ රටේ මහනායක ස්වාමින් වහන්සේලා පවා ඉදිරිපත් වෙලා ඉන්නවා.පළාත් සභා ඡන්දය තියන්න ඕනේ,එත් ඒක තියන්නෑ.TNA එකට JVP එකට වැඩක් කරන්න ඕන නම් කරන්න ඕනේ පළාත් සභා ඡන්දය තියන එක.එත් ඡන්දය කල් දානවා.මොකද ඡන්දය තිබ්බොත් මේ අයට වෙන දේ දන්නවා.අන්න ඒක තමයි අද රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය.මොකද ඡන්දයක් තිබ්බොත් පළාත් පාලන ඡන්දයට වුනා වගේ ප්‍රධාන පක්ෂ ඔක්කොටම අවාසි වෙනවා.ශ්‍රිලනිපෙට යනඑනමං නැති වෙනවා.UNP එකට ඕන උනේ ශ්‍රිලනිපෙ දෙකඩ කරලා නිතරගෙන් පළාත් පාලන ඡන්දය දිනන්න,එත් ඒ සිහින ඔක්කොම විනාශ වුනා.මේ නිසයි ආණ්ඩුව අද ඡන්දයක් තියන්නේ නැත්තේ”

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ආණ්ඩුව පටන් අරන් තියෙනවා ගම් පෙරලිය කියල එකක්,ඇත්තටම දැන් ගම් ටික පෙරලිලා තියෙන්නේ,පෙරලන්න දෙයක් නැහැ. ගම් ටික විනාස වෙලා,ආර්ථිකය විනාස වෙලා තියෙන්නේ.දැන් ආණ්ඩුවට තියෙන්නේ පෙරලිලා තියෙන ගම් ටික වලදාන්න තමයි.අවුරුදු 3 ½ ක් ආණ්ඩු කරලා ඡන්දයක් ලං උනාම තමයි ආණ්ඩුවට මේ ගම් පෙරලියක් ගැන මතක් වෙලා තියෙන්නේ”

“අගමැතිතුමා යාපනයට ගිහින් පිළිඅරන් තියෙනවා මේ අවුරුදු 3 ½ උතුරු නැගෙනහිර ජනතාවට මොකුත් කරන්න බැරි උනා කියලා,මොන තරම් ලජ්ජා සහගත වැඩක්ද.උතුරු නැගෙනහිර ජනතාව විශාල කැපවීමක් කළා මේ ආණ්ඩුව පත් කරන්න.ඒ ජනතාවටම අගමැතිතුමා ගිහින් කියනවා තාම සංවර්ධනයක් කරන්න හම්බුනේ නැහැ කියලා.අපි මීට මාස 2කට කලින් යාපනයට ගියාමත් දැක්කා එහෙ කිසිම සංවර්ධනයක් කරන්නෑ කියලා.TNA එක කරන්නෙත් උතුරේ ජනතාවයි දකුණේ ජනතාවයි තරහ කරවන වැඩපිළිවෙලක්.TNA ඒක හැමදාම කරන්නේ දෙමල ජනතාව දකුණේ සිංහල ආණ්ඩුව එක්ක තරහ කරවන එකයි”

අගමැති තුමා ගම් පෙරලියක් කරගෙන යනවා,ජනාධිපතිතුමා තවත් මොකක්ද පෙරලියක් කරගෙන යනවා.මේ දෙකෙන් මොනවා කලත් ජනතාවට තාම මොකුත් වෙලා නැහැ.මේ විදියට රටේ ආර්ථිකයක් පවත්වාගෙන යන්න බැහැ,යනුවෙන් ඒ මහතා පැවසිය.

– කීර්ති දුණුවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *