ගෝඨා එනවාට ඇමෙරිකාව විරුද්ධයි – ගෝඨා පරදන්න ඇමෙරිකාවෙන් විශේෂ මෙහෙයුමක්!

ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මකම කාර්යභාරය ඉටු කරන්නේ විදේශීය තානාපති කාර්යාල බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කතාවකි. ඒ අතර ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ රහත් ඔත්තු සේවා ප්‍රමුඛතම සාධක ය.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මීළග ජනපතිවරණය උදෙසාද සිය රටට අවාසි සහගත අපේක්ෂකයෙක් ජනපති වීම වැලැක්වීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය බුද්ධි අංශ සහ ඔත්තු සේවා යොදවා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට සතිඅන්ත මුද්‍රිත මාධ්‍යය වාර්තා කර තිබේ.

මීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රහසිගත මෙහෙයුමක් දියත් කරන බව මුද්‍රිත මාධ්‍යය හෙළිදරවු කර තිබේ.

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමුවී ඇති ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රධානීන් පිරිසක්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ඔහුගෙන් විමසා තිබෙන බවද එම වාර්තාවන්හි දැක්වේ. එහිදී තානාපති නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂ, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ඔහු විසින් කරන ලද යුද අපරාධ පිළිබඳ වාර්තා තමන්ට අවශ්‍ය වී ඇති බවට පවසා තිබෙන බවද මුද්‍රිත මාධ්‍ය හෙළිකර තිබේ.

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සිදු කළා යැයි කියන ප‍්‍රකාශයක් මත හෙළිවුණු සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් වූවන් සහ පැහැරගැනීම් පිළිබඳ මැක්ස්වල් පරණගම කොමිසමේදී හෙළි වූ කරුණුවලට ගෝඨාභය රාජපක්‍ෂගේ සම්බන්ධයක් තිබේ ද යන්න ගැන සෙවීමට ඇමෙරිකානු රහත් ඔත්තු සේවා සිය මෙහෙයුම් දැනටමත් අරඹා තිබෙන බවද සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *