පණ ගැහෙනා මාලුවන් විකිණූ වෙළෙන්දා ලග නැවතුනු රණවිරුවෙක් කළ උතුම් වැඩක්!

දේශයට ජීවය දුන් රණවිරුවන් සංවේදී හදවත් ඇති ලක්මවගේ වීර පුතුන් ය. එවන් සංවේදී හදවතක් ඇති වීර රණවිරුවෙකු පිළිබදව පුවතක් වාර්තා වේ.

රාජගිරිය බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ පොල්දූව පාලම අසල තරුණයෙකු මත්ස්‍යයන් විකුණමින් සිටි‍යේය. පණ ඇති මත්ස්‍යයන් විකුණන මෙම තරුණයා පන ගැහෙන මාලුවා අසීරුවෙන් අල්ලාගෙන “මෙන්න බඩු” “අලුත් බඩු” “පණ පිටින්” “කනවා නම් මෙන්න” යනුවෙන් කෑ ගසමින් මෙම මාලුවා විකිණීමට උත්සාහ කරමින් තිබේ.

සතියේ දිනයක් වූ මෙදින සවස පහට පමණ මෙම තරුණයා මත්ස්‍යයා අලෙවි කිරීමට උත්සාහ කරමින් සිටින අතර එම අවස්තාවේ මාර්ගයේ ගමන් කරමින් යුද හමුදා කැබ් රථයක් තරුණයා අසල නතර කළේය.

රථයේ ඉදිරි අසුනේ ගමන් කළ තරුණ හමුදා නිළධාරියා කැබ් රථයෙන් බැස “ඔය මාලුවා විකුණන්නද?” යනුවෙන් ඇසුවේය. එවිට තරුණයා “ඔව් සර්, මාලුවා පණ පිටින්මයි ඉන්නේ” යනුවෙන් පිළිතුරු දුන්නේය.

“ඒ නිසා තමයි ඇහුවේ, කීයද?” යනුවෙන් හමුදා නිළධාරියා නැවතත් ඇසුවේය. “එක්දාස් හත්සීයක් දෙන්න සර්, පණපිටින්මයි දෙන්නේ” යනුවෙන් තරුණයා පිළිතුරු දුන්නේය.
“සාධාරණ ගානක් කියන්නකො මල්ලි” හමුදා නිළධාරියා කිවේය.

එවිට තරුණයා රුපියල් දාහක් දෙන්න යැයි කියු විට මෙම නිළධාරියා සිය මුදල් පසුම්බිය ගෙන ඔහුට රුපියල් දහසක් ලබා දී මාලුවා ලබා ගත්තේය.

ඉන්පසුව එම මත්ස්‍යයා නැවතත් දියවන්නා ඔයට දැමු මෙම හමුදා නිළධාරියා එම මත්ස්‍යයාට අභය ධානය ලබා දුන්නේය.

මෙම සත්ක්‍රියාව සිදු කළ හමුදා නිළධාරීයා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් ලුතිනන් කර්නල්වරයෙක් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *