වාද්දූව වෙරළ හෝටලයේ මහ රෑ මත්පෙති සාදයක් – මත්පෙති මාරයා ජීවිත දෙකක් බිලි ගනියි, බලධාරීන් නිදිද ?

වාද්දුව ප්‍රදේශයේ වෙරළ හෝටලයක ඇතිවූ සාදයකදි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය පුවතක් වාර්තා වෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මත්පෙති බව නෙත් ගොසිප් වෙත හෙළිව තිබෙනවා.

වාද්දුව ප්‍රමුඛතම වෙරළ හෝටලයක ඊයේ දින (03) රාත්‍රියේ මෙම සාදය පැවැත්ව තිබේ. මේ සදහා තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීව සිට තිබෙන බවත් සදහන්. මෙම සාදය සදහා සහභාගී වූ පිරිස් මත්පැන්, විවිධ මත්ද්‍රව්‍ය මෙන්ම මත්පෙතිද භාවිතා කරමින් සිට තිබෙන බව වාර්තා වේ. ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය ඔස්සේ හමුවූ පිරිස් විසින් විවිධ හෝටල් වල සංවිධානය කළ මත්පෙති සාද පිළිබදව පසුගිය දිනවල වාර්තා වූවා. මෙම වාද්දූව වෙරළ හෝටලයේ පැවැති සාදයද එලෙසින් සංවිධානය වූ මත්පෙති සාදයක්දැයි තවමත් හෙළිව නැත.

මේ අතර මෙම සාදයට සහභාගීව සිටි තරුණයන් අතරින් සිවුදෙනෙකු මෙම සාදයේදි මත්පෙති අධිමාත්‍රාවෙන් ලබා ගැනීම හේතුවෙන් අසනීප වී තිබෙන බව වාර්තා වේ. ඉන්පසුව මෙම සිවුදෙනා පානදුර රෝහලට ඇතුලත් කළද ඔවුන්ගෙන් දෙදෙනෙකු මත්පෙති අධිමාත්‍රාවෙන් ලබා ගැනීම නිසා මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයන් දෙදෙනා 20 හැවිරිදි සහ 36 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. මත්පෙති අධි මාත්‍රාවෙන් ලබා ගැනීම නිසා ප්‍රතිකාර ලබන සෙසු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්වය බරපතල බවද නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා. කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙලෙස රෝහල් ගත කර සිටින පුද්ගලයන් දෙදෙනා සුවය ලැබුවද මෙම මත්පෙති අධිමාත්‍රාව හේතුවෙන් ජිවීත කාලය පුරාම බලපෑමට තරම් ඔවුන්ගේ මොලයට දැඩි ලෙස හානි වී ඇති බවයි.

මෙම සාදය සංවිධානය කළ පුද්ගලයා හෝ මෙම වෙරළ හෝටලයේ බලධාරීන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා. තරුණ පරපුර විනාශයට පත් කරවන මෙවැනි මත්පෙති සාද පිළිබදව පුවත් දිගින් දිගටම අසන්නට ලැබුනද එවැනි සාද සංවිධානය කරන පුද්ගලයන්ට එරෙහිව හෝ එම සාද සදහා නවාතැන් සපයන පුද්ගලයන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක වීම පැවතියේ ඉතා අවම මට්ටමකින්. බොහෝ විට සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ සංවිධානය වන මෙවැනි සාද වැලැක්වීමට ආරක්ෂක අංශ අසමත් වීමද කැපි පෙනෙනවා.

මෙම මත්පෙති ජාවාරම ශ්‍රී ලංකාවේ තරුණ පරපුර බිලි ගනිමින් මෙතරම් ව්‍යාප්ත වීමට මත්පෙති සම්බන්ධව පවතින වර්තමාන නීතින්හී අඩුපාඩු බලපාන බවද නිතී විශාරදයන් පවසනවා. තරුණ පරපුර විනාශ කරමින් මත්පෙති ජාවාරමෙන් මුදල් උපයන ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන ආ විට ඔවුන් මෙම නීතියේ හිස්තැන් භාවිතා කරමින් ගැලවෙන බවත් සදහන්. එම නිසා පාලකයන්, ව්‍යවස්තාදායකය සහ වගකිව යුතු සියලූම දෙනා මෙම මත්පෙති ජාවාරම සම්බන්ධ නීති නවීකරණය කරමින් එම නීතින්හි ඇති හිස්තැන් වසා දැමිය යුතු වනවා. අපේ දරුවන්ට සහ තරුණ තරුණියන්ට මරණය කැන්දන මත්පෙති ජාවාරම්කරුවන්ට උපරිම දඬුවම් ලැබෙන සේ හැකි ඉක්මනින් නීති නොසැදුවහොත් මත්පෙති මාරයා තවත් ජිවීත බිලි ගැනීම වැලැක්විය නොහැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *