දුම්රිය අනතුරේ සැඟවුණු කතාවක් මතුවෙයි…

පොල්ගහවෙල සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතර පනලිය ප‍්‍රදේශයේදි ඊයේ (06) අනතුරට ලක්වූ දුම්රිය දෙකෙන් එකක් මීට වසර කිහිපයකට පෙර අලව්ව ප‍්‍රදේශයේදී මාරාන්තික අනතුරකට ලක්වූ දුම්රිය බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

ඊයේ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකට ලක්වූ සීග‍්‍රගාමී දුම්රියක, පිටුපසින් පැමිණි තවත් දුම්රියක් ගැටීමෙන්.

අලව්ව ප‍්‍රදේශයේදී මීට පෙර මාරාන්තික අනතුරකට ලක්වූ දුම්රිය වන්නේ එලෙස පිටුපසින් පැමිණි දුම්රියයි. ඒ අනුව ඊයේ අනතුරට හේතුව එම දුම්රියේ කිසියම් දෝෂයක් දැයි සැක මතුව තිබෙනවා. ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් වහාම සිදු කළ යුතු බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ.

අලව්ව දුම්රිය අනතුරෙන් පසු අදාළ දුම්රියේ නවීකරණයන් කිහිපයක් සිදු කෙරුණා. ඊයේ සිදුවූ අනතුරෙන් හානි අවම වූයේද ඒ නිසා විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

අලව්ව දුම්රිය අනතුර සිදුවුනේ 2011 වසරේ සැප්තැම්බර් මස 17 වනදායි. ඊයේ සිදුවු අනතුර මෙන්ම සීග‍්‍රගාමී දුම්රියක පිටුපස තවත් දුම්රියක් ගැටීමෙන් එම අනතුර ද සිදුවුණා. ඒ, පස් දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් 30 දෙනෙකුට තුවාල සිදු කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *