තායිලන්ත ගුහාවේ සිරවී සිටි 4 කට තායිලන්ත පුරවැසිභාවය..

තායිලන්තයේ ලෙනක් තුළ සිරව සිටියදී මුදා ගැනුණු එරට ළමා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් අතරින් තායිලන්ත පුරවැසිභාවය නොලබා සිටි සිව් දෙනෙකුට පුරවැසිභාවය ලබාදීමට තායිලන්ත රජය ගත් තීරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සරණගතයින් පිළිබඳ ආයතනය ප්‍රසාදය පල කර තිබේ.

තායිලන්ත පුරවැසිභාවය හිමිව නොතිබූ එම කණ්ඩායමේ ළමුන් තිදෙනෙකුට සහ කණ්ඩායමේ පුහුණුකරුට පුරවැසිභාවය ලබාදීමට තායිලන්ත රජය පසුගියදා පියවර ගත්තේය.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පෙන්වා දී ඇත්තේ තායිලන්ත රජය ගත් අදාළ තීරණය හේතුවෙන් ඔවුන්ට යහපත් අනාගතයක් උදාවනු ඇති බවයි.

තායිලන්තයේ තාම්ලුවාන්ග් ලෙන තුළ සති දෙකකට අධික කාලයක් සිරව සිටි පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ජාත්‍යන්තර විශේෂඥයින්ගේ ද සහය ඇතිව බේරා ගැනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *