බලය බෙදුවාම මේ ප‍්‍රශ්ණ විසිදෙනවා.. අලුත් ව්‍යවස්තාව හැදෙමින් පවතිනවා..- කිරිඇල්ල..

සංහිදියාව පටන් ගන්න හොදම හා සුදුුසුම තැන පාසල යයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ ‘ජාතික හා ආගමික සහජීවනතාව තුළින් ශි‍්‍ර ලංකාවේ තිරසාරත්වය වෙත’ යන තේමාව යටතේ ශී‍්‍ර ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සදහා වු පාර්ලිමේන්තු කමිටුවේ ප‍්‍රථම ප‍්‍රාදේශීය සම`ුඑව මහනුවරදී පැවති අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා,

‘සංහිඳියාව පටන් ගන්න හොඳම තැන පාසල. අපි පාසල් යන කාලයේ සෑම ජාතියකම, සෑම ආගමක දරුවන් අපිත් සමඟ ඉගෙන ගත්තා. සිංහල දෙමළ වශයෙන් වර්ග නොකර හැකිතාක් මිශ‍්‍ර පාසල් ඇති කිරීම අද රටේ අවශ්‍යතාවයක්. 1950 දශකයේ ජාතීන් අතර ගැටළු ඇතිවීමට ප‍්‍රධාන හේතුව භාෂාව. අපේ පළාත්වල වුනත් ද්‍රවිඩ භාෂාව වැඩිපුර කතාකරන ප‍්‍රදේශවල ජනතාවට රජයේ කාර්යාලවලින් ද්‍රවිඩ භාෂාවෙන් කටයුතු කරන්න අවස්ථාවක් තියෙනවද කියලා අපි කල්පනා කරන්න අවශ්‍යයි.

නිදහස ලැබෙන විට අපේ රට තිබුණේ ආසියාවේ දෙවන තැන. ජපානයට පමණක් පසුපසින්. දෙවන ලෝක යුද සමයේ මහා බි‍්‍රතාන්‍යයටත් ණයක් දෙන තරමේ පොහොසත්කමක් අපේ රටට තිබුණා. අද නිදහස ලැබිලා වසර 70ක් ගෙවෙද්දි එදා අපේ රටට වඩා ඉතාමත් පසුපසින් සිටි රටවල් අද කොතැනද තිබෙන්නේ කියන දේ ගැන අපි සිතා බැලිය යුතුයි. අපේ රට හා සමගාමීව නිදහස ලැබුණු රටවල් තමත්ගේ ජාතීන් අතර තිබුණු ප‍්‍රශ්ණ අවසන් කලා. ඊළඟ පරම්පරාවට එ් ප‍්‍රශ්ණ ඉතිරි කලේ නැහැ. නමුත් අපේ රටේ එහෙම වුනේ නැහැ. නිදහසින් පසු සෑම දේශපාලන පක්ෂයක්ම බලය ලබා ගැනීම සඳහා ජාතිය ආගම පාවිච්චි කලා.

බලය බෙදීම ගැන මුලින්ම කතා කලේ උඩරට පලාත්වල නායකයින්. 1940 ගණන් වල උඩරට සිංහලයින් බලය බෙදීමක් ගැන කතා කරනකොට යාපනයේ ජනතාව කිව්වා අපට බලය බෙදීමක් එපා කියලා. ඩොනමෝර් සාමිවරයා ලංකාවට ආවට පස්සේ රුහුණු, මායා, පිහිටි ක‍්‍රමයට බලය බෙදීමක් කරන්න කියලා ඉල්ලූවා. නමුත් එ්ක සිද්ධ වුනේ නැහැ. ඉන්දියාවේ බලය බෙදන විදියට අපේ රටෙත් බලය බෙදන්න කියලා උඩරට නායකයෝ ඉල්ලූවා. එ් ගැන වාර්තා පාර්ලිමේන්තු පුස්තාකාලයේ තිබෙනවා. ආසියාවේ අනෙකුත් රටවල් අනුගමනය කරමින් අපේ රටේත් බලය බෙදුවා නම් ජනවාර්ගික ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. අපිට වැරදුනේ එතැන. හැම පක්ෂයක්ම මේ ප‍්‍රශ්ණය දඩමීමා කර ගැනීම නිසයි තිස් අවුරුදු යුද්ධයකට අපේ රට මුහුණ දුන්නේ. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව මේ හැම රටක්ම නිදහස ලැබෙද්දිම බලය බෙදුවා.

දැන් ප‍්‍රමාද වෙලා වුනත් අපේ රටට අද අවස්ථාවක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තුව තුල අළුත් ව්‍යවස්ථාවක් හැදෙමින් පවතිනවා. සියළුම දේශපාලන පක්ෂ එක මතයකට එනවා නම් වසර ගණනාවක් අපට නිරාකරණය කරන්න බැරිවුන ගැටළු නිරාකරණය කරන්න අවස්ථාවක් ලැබෙනවා’

– රජිත සමරසූරිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *