හිට්ලර්ගේ පෙනුමට සමාන පෙනුමකින් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීවරයෙක්…

ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගේ පෙනුමට සමාන පෙනුමකින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණි මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.

මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශය නියෝජනය කරන නාරමල්ලී සිවප්‍රසාද් මන්ත්‍රීවරයායි.

ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී නාරමල්ලී සිවප්‍රසාද් මහතා හිටපු ඒකාධිපතියකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඇදුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය.

එහි අරමුණ වූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විරෝධය දැක්වීමයි.

පාර්ලිමේන්තු පරිශ්‍රය සමීපයේ රැදී සිටිමින් මන්ත්‍රීවරයා සිය විරෝධතාවේ නිරත වූ අතර ඊට සහය දැක්වීම සඳහා තවත් පිරිසක්ද එක්ව සිටියේය.

දකුණු දිග ඉන්දීය ප්‍රාන්තයක් වන අන්ද්‍රා ප්‍රදේශය නියෝජනය කරන සිවප්‍රසාද් මන්ත්‍රීවරයා තෙලෙගු දේසම් පක්ෂයේ නායකත්වය දරයි.

2014 වසරේදී පැවැති මහ මැතිවරණයේදී මෝදි ප්‍රමුණ රජයට සහය දැක්වූ තෙලෙගු දේසම් පක්ෂය පසුව රජයට සහය දැක්වීමෙන් වැළකී සිටියේය.

හිටපු රංගන ශිල්පියකුද වන සිවප්‍රසාද් මහතා මෙවන් චරිත රග දැක්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

මීට පෙරද ඔහු රාම දෙවියන් ලෙසත්, සත්‍යසායි සහ නාරද් මුනි දෙවිවරුන් ලෙසත් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *