අමුත්තන්ට ඥාණසාර හිමි බැලීම තහනම්.. සිවුර ගලවා ජම්පරය අන්දවයි….

සිරදඬුවම් නියම කර සිටියදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැලීම සඳහා මාසයක් ගතවන තුරුත් කිසිදු අමුත්තෙකුට අවසර නැති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

බන්ධනාගාර නීතිය අනුව සිරකරුවකු බැලීමට අමුත්තන්ට අවසර ඇත්තේ මාසයකට එක් වතාවකි. එම අවස්ථාවේදී ද අවසර හිමි වන්නේ අමුත්තන් තිදෙනෙකුට එම සිරකරුවා බැලීමට පමණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉකුත් 8 වෙනිදා සිර දඬුවම් නියම වූ අතර එනිසා උන් වහන්සේ බැලීමට අවසර ලැබෙන්නේ ලබන මස 8 වැනිදා ය.

ඥාණසාර හිමියන්ට සිවර ගලවා ජම්පරය ඇන්දවීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ උපදෙස් විමසා ඇති බව ද බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අධිකරණයට අපහාස කලේ යයි ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර 06 කින් ගෙවී යන ලෙස කටයුතු කරන්නැයි බන්ධනාගාරයට නියෝග කලේය.

වකුගඩු ආශ‍්‍රිතව සැත්කමක් සිදු කිරීම සදහා උන් වහන්සේ මේ වන විට රෝහල්ගතව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *