උපන් දිනයට බිරිඳ පුදුම කරන්නට සැළසුම් කල ඉංජිනේරු තරුණයාට අවාසනාවන්ත ලෙස අත්වුණු ඉරණම..

තම බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් ඇයව පුදුමයට පත්කිරීමට සැළසුම් කර සිටි තරුණයෙකු ගොඩනැගිල්ලකින් වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ බෙල්ජියමේ තොරතුරු තාක්ෂණ සමාගමක් සමඟ සේවය කරන 32 හැවිරිදි Tejas Dubey නමැති තරුණයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

තම බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් ඇයව පුදුමයට පත්කිරීම සඳහා විශේෂ සංචාරයක් සැළසුම් කළ ඔහු සිය බිරිඳ ජීවත් වන Pune නගරයට යාම සඳහා පිටත් වීමට පෙර එදින රාත්‍රීයේ සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ PK Arch නමැති ගොඩනැගිල්ලක රැඳී සිට තිබෙනවා. එම අවස්ථාවේදී ගොඩනැගිල්ලේ ජනේලයකින් ඇද වැටෙන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Dubey ගේ මිතුරෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ ඔවුන් රැඳී සිටි ගොඩනැගිල්ලට නැවුම් වාතාශ්‍රය පැමිණීම සඳහා එහි ජනේලය විවෘත කර තිබුනු බවත්, ඔහුට නිදිමතේ එ් බව හඳුනා ගැනීමට නොහැකිව එම ස්ථානයෙන් වැටෙන්නට ඇති බවත්ය.

මේ අතර ඔහුගේ මළ සිරුර ප්‍රථමයෙන්ම දැක ඇති අසල්වැසි නිවසියෙකු ඒ පිළිබඳව මුරකරුට දැනුම්දී ඇති අතර ඔහුගේ මිතුරන් දෙදෙනෙකු එක්වී ඔහුව රෝහල් ගතකර තිබෙනවා.මේ වන විට ඩුබේගේ දේහය පවුලට භාර දී ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය සහ මිතුරන් ඇතුළු පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එරට පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *